IMG-LOGO

තායි පරිත්‍යාගය යළි රැගෙන යයි

(විමුක්ති එස් රුද්‍රිගු)

මීට දශක දෙකකට පෙර තායිලන්තය ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ සක් සුරින් නැවතත් තායිලන්තයට පැමිණීමට ජූලි 1 වැනිදා ශ්‍රී ලංකාවෙන් ගමන් ආරම්භ කරනු ඇතැයි තායිලන්ත මාධ්‍ය වාර්තා කර ඇත.

නිසියාකාරයෙන් රැක බලා නොගැනීම සහ රෝගාතුර වී සිටීම හේතුවෙන් ප්‍රතිකාර ලබා දීමට සක් සුරින් නැවතත් තායිලන්තයට රැගෙන ඒමට තායිලන්ත රජය තීරණය කර තිබෙන බව එරට මාධ්‍ය පෙන්වා දී තිබේ.

තායිලන්ත රජය 2001 වසරේ ශ්‍රී ලංකාවට තෑගි දුන් ඇතුන් තිදෙනාගෙන් එක් ඇතකු වන සක් සුරින් නැවතත් තායිලන්තයට ගෙන්වා ගත හැකි ක්‍රමයක් පිළිබඳව තායිලන්ත රජය දීර්ඝ කාලයක සිට සොයා බලමින් සිටි බව එරට මාධ්‍ය වාර්තා කර තිබිණ.

තායිලන්ත රජය කුලී පදනම මත ලබා ගත් රුසියානු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක නව කූඩුවක් ඉදිකිරීමෙන් පසු සහ සක් සුරින් රැගෙන පියාසර කිරීමට අවශ්‍ය කටයුතු සම්පූර්ණ කිරීමෙන් පසුව එළඹෙන ජූලි 1 වැනිදා සක් සුරින් නැවතත් තායිලන්තය බලා රැගෙන එනු ඇතැයි තායිලන්ත මාධ්‍ය සඳහන් කර ඇත.

 



අදහස් (9)

තායි පරිත්‍යාගය යළි රැගෙන යයි

පියනන්ද Friday, 26 May 2023 03:05 PM

තායි රජයේ මහත්වරුනි, ආයෙත් මෙවැනි මෝඩකම් කරන්න එපා. ලංකාවේ දරුපැටව් මහමග දිනපතා මැරෙනවා. අතවරවලට ලක්වෙනවා.‌හොයා බලන්න නවත්වන්න කිසිම කෙනෙක් නෑ. ඉතින් අලි ඇත්තු ගැන කවර කතා ද?

:       5       81

ජයශ්‍රී Friday, 26 May 2023 03:06 PM

සක් සුරින් හිටියෙ කොහෙද කවුරු ලගද කියලා මේක ලියපු එකා දන්නෙ නැද්ද? ඌට කියලා දෙන්නවත් එකෙක් නැද්ද?

:       8       47

යෝගා Friday, 26 May 2023 04:03 PM

මේ වගේම දේශපාලුවන් තෑගි දීපු අපේ අලි ඇතුන් රාශියක් සීතල රටවල්වල දුක් විඳිනවා. ඔවුන්වත් ගෙන්න ගන්න. හැබැයි කවදාවත් පන්සල්, පල්ලි කෝවිල්වලට නම් දෙන්න එපා...

:       15       26

jayasekaraSaturday, 27 May 2023 09:08 AM

පල්ලිවල කොහෙද අලි ඉන්නේ...?

:       0       3

Aru Saturday, 27 May 2023 10:38 AM

පල්ලිවල අලි ඇතුන් නෑ. කියන්න පෙර සොයා බලන්න.!

:       1       1

k.sunil pereraSaturday, 27 May 2023 11:36 AM

පල්ලි වල අලි ඇත්තු ඉන්නවා කියලා ඇහුවෙත් අදමයි මගේ ජීවිත කාලයටම.... හොඳයි හැමෝගේම දැනගැනීමටත් එක්කම කිව්වානම් බලන්න කොහේද මොන පල්ලියේද?

:       0       2

සෙනෙවිරත්න Sunday, 28 May 2023 06:38 AM

මේ ඇතා හිටියෙ කන්දෙ විහාරෙ වෙන්න ඕන, මීට මාස කීපයකට කලින් ප්‍රවෘත්තියක කියවුනා ඒ ඇතා දුක් විඳින බවත් නැවත තායිලන්තයට ගෙනියාමට සූදානම්ව එතැනින් ඉවත් කල බවත්, බුද්ධාගමේ මූලික හරය වන අහිංසාව අමතක කරල මේ කරන වැඩ නිසා බුද්ධාගම නැතිවෙයි කියල ඒක හංගල ප්‍රවෘත්තිය දාල තියෙන්නෙ. කොහොමත් ලොකු ඉස්කෝල,පන්සල් වල අකටයුතු වාර්තාකරුවො හංගනව.

:       0       0

රත්නසේන ලියනගේ Sunday, 28 May 2023 03:59 PM

රට ගැන හරිම කනගාටුයි . රටේ ගෞරවයට කීර්ති නාමයට කැලලකි. ආණ්ඩුව ට බැරි නම් පුද්ගලික අයකුට දුන්නා නමි ඔයිට වඩා රැක ගනී. රට හරි මගට යායුතු .....

:       0       0

එස්.සි.පුනාන්ධු Tuesday, 30 May 2023 12:49 PM

රටේ මිනිසුන්ට.කන්න.බොන්න.හා.අනෙක්.අවශ්‍ය .දේවල්.ටික වත්.සම්පාදනය.කරගන්න.බැරි..මේ වගේ .රටේ .මිනිසුන්ගෙ.රිරි.මාන්ස.සූප්පු.කරන.අනාගත.පරපුරට..රටක්.ඉතුරු.නොකරන.වැසිකිලි.වලක්.අදින්නත් .අල්ලස්.ඉල්ලන.මිනිස් වෙසින් ඉන්න .කයිවාරු.කාරයින්ට.පුළුවන්ද.අලියෙකු.තියා.බළෙළකුවත්.නඩත්තු .කරන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 149 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 355 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site