(අංජුල මහික වීරරත්න)
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මෙරටින් සතියකට තැඹිලි ගෙඩි 252,000 ක් පමණ අපනයනය කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය කියයි.
තැඹිලි අපනයනය කිරීමෙන් 2022 වසරේදී රුපියල් බිලියන දෙකක ආදායමක් උපයා ඇති අතර,මේ වසරේදී මේ වසරේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන හයකි.
කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසූයේ තැඹිලි වැවිලි භෝගයක් ලෙස වගා කිරීම සඳහා සියලු පියවර ගන්නා බවයි.
ලොව රටවල් ගණනාවක් තැඹිලි වගා කිරීමට උත්සාහ දරා ඇතත් එම උත්සාහ සියල්ල අසාර්ථක වී ඇතැද ලෝකයේ රසවත්ම තැඹිලි ශ්‍රී ලංකාවේ තැඹිලි වන අතර එම නිසා Sri Lanka Sweet Coconut සන්නාමය සහිතව ඉදිරියේ දී මෙරට තැඹිලි ලොවේ ජනප්‍රිය කරවීම සඳහා පියවර ගන්නා බව අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තැඹිලි ගස් විනාශ කරපියව් ... අපි ජෙප්පෝ
ඒ ඒ රටල තියෙන තානාපති කාර්යාල හරහා ඒ රටවල භාශාවෙන් තැඹිලි මෙන්ම අනෙක් අපනයනය කරන ආහාර සඳහා පුවත්පත් දැන්වීම් මගින් පෝෂණ ගුණය ආදිය පිළඹඳව දැනීම් පල කරන්නේ නම් මීට වඩා වෙළඳාම් කර ගත හැකියි.
එතකොට ඇමතිතුමා රවීගෙ කටුපොල් වගාවට මොකද වෙන්නෙ පරිසරයට හානියක් වෙනවා කියන රවිගෙ කටුපොල් වෙනුවට තැඹිලි වවන්න බැලුවොත් හොදයි නේද ගම්වල තියෙන තැඹිලි සාධාරණ මිලක් යටතේ ගැනීමට ක්‍රමයක් හදන්න පුළුවන් නම් ඉතාමත් හොදයි
අපි උපන්දා සිට උෂ්ණයට බොන තැඹිලි ගෙඩිය, අවුරුදු සිය දහස් ගනනක් තිස්සේ මෙහෙ වැවෙන තැඹිලි ගෙඩිය. ලෝකෙ තැඹිලි නැති රටකට ගෙඩිය පිටින් හෝ බෝතල් කරල යවන්න අවුරුද් 100 ගණනක් ගියහැටි! හරිපුදුමයි නේද? ඉන්දියන් සාගරයේ අ.මුතු ඇටේ!
එතකොට එකක් අපනයනය කරන්නෙ රු. 153ට. අපෙන් ගන්නෙ රු. 30-35 ගානේ. අතරමැදියන් රු. 120කට වඩා ගන්නව. වෙන රටවල වගේ මේවට හොඳ ක්‍රමයක් හැදුවනම් මිනිස්සු ගෙදර මිදුලෙත් වවයි.. මම ඉන්න රටේ මිදුලේ ඔලිව්, නාරං වර්ග තමා ලස්සනට වවන්නේ..
රිලවු වඳුරෝ පොල් වගාවට කරන හානිය නතර කිරීමට පියවර ගතහොත් එය වඩා පහසු වේවි
මොන දේ කරත් අතරමැදියාගේ ගසා කෑම නැවැත්විය යුතුයි...
ඇමැතිතුමා වෙත, ඉහත ලිපියට අනුව තැඹිලි නිසා විශාල විදේශ ආදායමක් ලැබීම ගැන සතුටු වෙමි. නමුත් පහත ඇති කරුණු කිහිපය ගැන ඔබගේ අවධානය ලබා දෙන්නේ නම් තැඹිලි වලට අපනයනයෙන් පසු සිදුවන පාඩුව වළක්වා ගත හැකියි. 1. නියම අපනයන තත්ත්වයේ තැඹිලි තෝරා එවීම. ඩුබායි සඳහා සතියකට අවශ්‍ය තැඹිලි ප්‍රමාණය අවබෝධ කර ගැනීම (එසේ අවබෝධයකින් තොරව එවීමේ ප්‍රතිඵලයක් ලෙස තැඹිලි පෙට්ටියක තොග මිළ රුපියල් 800 - 900 අතර ප්‍රමාණයකට පහළ වැටීම. ඒ හේතුව නිසා ලංකාවට ලැබෙන්නට තිබෙන විශාල මුදලක් නොලැබී යාම.) මේ ආදී විශාල ප්‍රශ්න රාශියක් විසඳාගත යුතුව ඇත. ආදායම ගැන උදම් ඇනීමට පෙර එයින් වන පාඩුවට හේතු සොයා බලා මෙම ආදායම දෙගුණ කර ගැනීමේ ක්‍රමවේද සොයා සකස් කරන්නේ නම් එය රටට සහ අසරණ තැඹිලි ගෙඩිය වෙනුවෙන් කරන්නා වූ මහඟු ක්‍රියාවකි. ස්තුතියි...!
තැඹිලි 252000 අපනයනය සඳහා කොපමණ මුදලක් වැය වන්නේද? කොපමණ මුදලක් නැවත ලංකාවට ලැබෙන්නේද යන්න සත්‍ය වාර්තා මගින් සොයා බලන්න...
මේ කියන numbers වල සල්ලි ලංකාවට එනවාද? මමත් dubai වලට තැඹිලි import කරනවා. කවදාවත් මේ කියන ලාභ ලබන්න බැහැ.. හරිදේ සමාජ ගත කරන්න කියලා ඉල්ලා සිටිමි.
අනුර ජනාධිපති වෙලා ඕවා කරන්නනේ හිටියේ...!
ඇමතිතුමා මේක හොඳ වැඩක්. අපිටත් මේකට සහභාගි වෙන්න, රිළා හැත්තට විසඳුමක් දෙන්න...!
මොනවා කලත් අපෙන් තැඹිලි ගෙඩියක් ගන්නේ තුට්ටු දෙකට. අතර මැදියෝ තමයි මුදල් උපයන්නේ...