
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
තඹුත්තේගම මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා දින තුනක පමණ සිට ආගිය අතක් නොමැති බව මූලස්ථාන පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
තවදුරටත් රාජකාරී කිරීම අපහසු බවට පොලිස් පොතේ සටහනක් යොදා ඔහු පොලිස් ස්ථානයෙන් පිටව ගොස් ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
පොලිස් පොතේ සටහනක් යොදා පිටව ගොස් ඇතත් ඔහු සොයා ගැනීමට අවශ්‍යව ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
ඔහු ඉන්නා තැනක් ගැන තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා පොලිස් බුද්ධි අංශ නිලධාරීන් ද යොදවා සිටින බව පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.
මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ගැන කිසිදු තොරතුරක් ඊයේ වනතුරු ද දැනගැනීමට ලැබී නොමැති බව පොලිස් මාර්ග සඳහන් කළේය.
. වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී ඔහු වැඩ තහනමකට ලක් වී පසුව යළි සේවයේ පිහිටුවා කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරී භාරගෙන සිටියේය.
මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මීට මාස කිහිපයකට ඉහතදී තඹුත්තේගම මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස මාරු කර යවා සිටි බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මනුස්සයාට කාරුණිකව සළකන්න.... රාජකාරි කිරිමේ දී පහසු නෑ.. විශේෂයෙන් පොලිසි වල ලොකු තනතුරු...
වැඩ තහනමකට ලක්වුණු කෙනෙකුව නැවත පොලිස් ස්ථානාධිපති වැනි වගකිවයුතු තනතුරකට පත්කළ අයට පළමුවෙන්ම දඬුවම් දියයුතුයි .
පෙරහර එන්න ඉස්සර වෙලා මාර්ගයේ ඉඩ ගැනීමට කස කාරයෝ එනවනේ
බංකොලොත් පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් සෑහෙනට බලපෑම් වලට ලක්වී පීඩා විදින පුද්ගලයකු විය හැකිය....
තඹුත්තේගම අපේ කුමාරයා රජ පුටුවට එනකල් ටිකක් ඉන්න බැරි උණු හැටි මෙයාට
ඇන්ඩෲ, ඔතැන සිදුවෙලා ඇත්තේ සමන්ත ඉදිරිපත් කළ අදහස දැන්මම සිදුවෙලා කියලා හිතන්න අමාරුද?
පොලිසිය තියෙන්නේ පුද්ගලයන් හා ඔවුන් ජීවිත හා දේපල ආරක්ෂා කරන්න. නමුත් අපේ රටේ ජනතාවට පොලිසිය ගැන කිසිම විශ්වාසයක් නැහැ. පගාව ගන්නවා. සල්ලි කාරයින්ට සලකනවා. පොඩි මිනිහා තලනවා. බොරු වැරැදි දාලා නඩු දානවා. ඇත්තටම පොලිසිය හරියට නීතිය ක්‍රියාත්මක කරන තත්ත්වයට එනකං රටේ ජාවාරම්, අපරාධ, දූෂණ, අපරාධ වළක්වන්න බැහැ. ඇයි තමන්ගේ රාජකාරිය හරියට කරන්න බැරි...? පොලිස් කාන්තාවන් කතාකරන්න දන්නේ නැහැ. හරියට රාජකාරි කරන්න හැම කෙනෙක්ම. නැත්නම් අවසානයේ විඳවලා මැරෙන්න වෙන්නේ. අතපය හයිය කාලේ චන්ඩිකම්, බලුකම් කළාට, ඇඳේ වැතිරිලා විඳවද්දී කරපු වැරැදි මතක් වෙනවා.
ඔය කවුරු වුනත් වැරදි කරලා දන්න කෙනෙකුට කියලා බේරෙන්න තමා හදන්නේ .හැමෝම වැරදි කළාට පස්සේ නීතිගරුක වෙන්නේ නැහැ .ඒ වගේ වැරදි කරලා ජනතාවත් හදන්නේ කොහෙන් හරි බේරෙන්න තමා .සමහර වෙලාවට පොලිසියත් අසරණයි. පොලිසියේ ඉන්නෙත් මේ රටේ මිනිස්සුම තමා අපේ රටේ ඉන්නේ රැල්ලට යන පිරිසක් මොකක්ද හරි මොකක්ද උනේ මොකද වෙලා තියෙන්නේ ඒවා මුකුත් හොයන්න ඇති
මේ වගේ මනුස්සයෙක්ව ඔය පොලිසියට පත්කරන්න හේතුව හිතාගන්න පුළුවන් වැලිකඩ සහ කොටුවේ හිටපු කෙනෙක්ව ඔය පොලිසියට දාන්නෙම ලොකු දෙයක් අපේක්ෂාවෙන්...