තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම මේ වනවිට සිදුවෙමින් පවතී.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ආසන 158ක් අතුරින් ආසන 71ක පෙරමුණ ගැනීමට තලපති විජේ නායකත්වය දෙන තමිලග වෙට්ට්‍රි කසාගම් (TVK) පක්ෂය සමත් වී සිටින බවය.

මහ ඇමති ස්ටාලින් නායකත්වය දෙන පාලක ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (DMK) පක්ෂය ආසන 48ක් ලබා ගෙන සිටින බව ද පැවැසෙයි.

තෙවැනි ස්ථානයේ පසුවන්නේ තමිල්නඩුවේ ප්‍රධාන විපක්ෂය ලෙස සැලකුණු සමස්ත ඉන්දියා අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (AIADMK) පක්ෂයයි. ඊට නායකත්වය දෙන්නේ එඩප්පාඩි පලනිසාමි ය.