
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවති කාලයේදී තිබූ ජනවාර්ගික අර්බුදය නියමාකාරයෙන් තේරුම් ගැනීමට තමිල්නාඩු රජය අපොහොසත් වීම හේතුවෙන් ජාතියට ද්‍රෝහි වූ බවට තමාට චෝදනා එල්ල කළ බව මුත්තයියා මුරලිදරන් මහතා ඊයේ (26) ඉන්දියානු ජාත්‍යන්තර සිනමා උළෙලට සමගාමීව පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.
එම අවස්ථාවේ ශ්‍රී ලංකාව ඇතිව තිබූ සැබෑ තත්වය තේරුම් ගැනීමට තමිල්නාඩු රජය අපොහොසත් වූ බව ප්‍රකාශ කිරීමට තමන් බිය නොවන බව මුත්තයියා මුරලිදරන් මහතා පැවැසුවේය.එයට හේතුව තමිල්නාඩුවේ මෙන් නොව ශ්‍රී ලංකාවේ තිබෙන්නේ වෙනමම තත්වයක් බවත් ශ්‍රී ලංකා දෙමළ ප්‍රජාව තුළ අනු කණ්ඩායම් කීපයක් තිබෙන බවත් එහිදී අදහස් දක්වමින් මුරලිදරන් මහතා ප්‍රකාශ කළේය.සියලු කණ්ඩායම් එකිනෙකට සම්බන්ධ වුවත් දේශපාලනික වශයෙන් බෙදී ඇතැයි මුරලිදරන් මහතා පැවැසුවේය. එම කණ්ඩායම් වල සිටි ඇතැම් පුද්ගලයන්ට ශ්‍රී ලංකාවෙන් කොටසක් කඩා වෙනම රටක් නිර්මාණය කිරීමට අවශ්‍ය වුවත් බොහෝ පිරිසකට එලෙස අවශ්‍ය නොවූ බව එහිදී මුරලිදරන් මහතා ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
’’තමිල්නාඩුව මාව තේරුම් ගත්තේ නෑ’’
sena Monday, 27 November 2023 06:16 PM
අවුලක් නැහැ... මුරලි ඔයා හැමදාමත් අපේ වීරයෙක්... අපේ කෙනෙක් එච්චරයි...!
fairoos Monday, 27 November 2023 06:17 PM
අනිවාර්යයෙන්ම ඡන්දෙට එයි වගේ... තියෙන නමත් කැත කරගන්නයි යන්නේ...!
රංබොඩ Monday, 27 November 2023 07:08 PM
දෙමළ ලාංකිකයෙක් කියන්නෙ මෙවන් සිතුවිලි තියෙන අයට. ලාංකිකයෙක් ලෙස සිතන කල ඔහු සිංහල ද දෙමළ ද වෙනත් වර්ගයකට අයත් දැයි කිසිවෙක් නොසොයනු ඇත.මේ මව්බිමේ සිට වෙනත් රටවලට ආවඩන විටදීත්, රට බෙදන්න ,රටට එරෙහි වෙන්න දඟළන විට ඔවුන් සිංහල ද දෙමලද වෙනත් වර්ගයක්ද කියා නොසිතන කල ජාති ද්රෝහීන් ලෙස නම් කෙරේ.
R hewa Monday, 27 November 2023 09:12 PM
හොඳ කොල්ලා
Nilantha Gamage Monday, 27 November 2023 09:15 PM
චන්දෙට ආවත් නැතත් මුරලි කියන ක්‍රීඩකයා කිසිවකුට අවතක්සේරු කල නොහැක රට වෙනුවෙන් සේවය කිරීමට අවංක මිනිස්සු ඉදිරියට එන්න ඕන
Dinushi Lathika Wimalasinghe Monday, 27 November 2023 09:16 PM
උනන්දුවා එන එකනම් සුවර්
ජුනයිඩ් නානා Monday, 27 November 2023 09:52 PM
ISIS fairoos ගොයියා කවදත් ඔහොමයි. උම්බෑ කියනවය කියල මරලා දාන්ටයැ දෙයියනේ.
එනම්.වීරසේන Wednesday, 29 November 2023 04:00 AM
සියලුම ශ්‍රී ලංකාවේ පුරවැසියන් ඔබට ආශිර්වාද කරනවා.ඔබ සැබෑ ශ්‍රි ලාංකිකයෙකි තෙරුවන් සරණයි