(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මහ වැසි හේතුවෙන් තබ්බෝව ජලාශයේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ වාන් දොරටු හතරක් විවර කළ බව පුත්තලම ප්‍රාදේශීය වාරි මාර්ග ඉංජීනේරු දිලීප හෙට්ටිආරච්චි මහතා අද( 01 ) පැවසීය.
තබ්බෝව ජලාශයේ ජල මට්ටම උදෑසන වනවිට අඩි 17 යි අගල් 6 කට ආසන්න වී තිබුණි.
විවෘත කළ දොරටු හතරින් දොරටු දෙකක් අඩි දෙක බැගින්ද අනෙක් දොරටු දෙක අඩිය බැගින් ද විවර කර ඇති බවද, තප්පරයට ඝණ අඩි 6000 කට ආසන්න ජල ප්‍රමාණයක් මී ඔය දිගේ පුත්තලම කලපුවට මුදා හැරීමට කටයුතු කර ඇති බවද ප්‍රදේශීය වාරි මාර්ග ඉංජිනේරුවරයා පැවසිය.
දොරටු විවර කිරීමත් සමග මී ඔය දෙපස පදිංචිකරුවන්ට දැඩි අවදානයෙන් පසුවන ලෙසට දන්වා තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
තබ්බෝව ජලාශයේ වාන් දොරටු විවර කරයි