IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


තාබුගලගෙන් පැය තුනක රහස් ප්‍රකාශයක්

(රෝෂන් තුෂාර)

රහස් පොලිසිය කප්පම්  ඉල්ලුවේ යැයි කියමින් රහස් ප්‍රකාශයක් කිරීමට අවසර ඉල්ලා සිටි අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාබුගල සැකකරු පැය තුනක ප්‍රකාශයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මියගේ නිලමැදිරියේදී අද (24) ලබා දුන්නේය.

සැකකාර තාඹුගල මහතා  විශේෂ මෝෂමක් ඉදිරිපත් කරමින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙසේ රහස් ප්‍රකාශයක් ලබාදීමට මහේස්ත්‍රාත්වරිය අද  උදෑසන අවසර ලබා දුන්නාය.

හෙලිකොප්ටරයක් ලබා ගැනීම සඳහා මුදල් ලබාගෙන  රුපියල් මිලියන හැත්තෑවක් (කෝටි හතක්) වංචා කළේ යැයි රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත මුදා හැරි   තාඹුගල සැකකරු රහස් පොලිස්  නිලධාරීන් තමාගෙන් රුපියල් කෝටි 30ක මුදලක්  ඉල්ලා සිටි බවට සදහන් කරමින් කප්පම් චෝදනාවක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ  හමුවේ පසුගිය 27 දින කරුණු ඉදිරිපත් කළේය .
සැකකාර තාබුගල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපාලි ජයමාන්න මහතා අද උදෑසන අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් කියා සිටියේ සැකකරුට ජීවිත තර්ජන ඇති බවය.මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී දී ද පවා එම තර්ජන ඇති බව නීතිඥවරයා කරුණු දක්වමින් පැවසීය.

එහෙයින් අදාළ ප්‍රකාශය රහස් ප්‍රකාශයක් ලෙස ලබාදීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියේය

ජීවිත තර්ජන ඇත්නම් ඊට නිත්‍යානුකූල පියවර ගත යුතු බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරිය අදාල රහස් ප්‍රකාශය ලබාදීමට අවසර ලබා දුන්නා ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේ පෙනී සිටි අතර අදාළ ප්‍රකාශය ලබාදීම සම්බන්ධයෙන් පොලිසියේ විරුද්ධත්වයක් නොමැති බව සඳහන් කළේය.

පැමිණිකාර සමාගමේ නීතිඥවරයාද ඊට විරුද්ධත්වයක් ප්‍රකාශ නොකළේය.

රහස් ප්‍රකාශය පස්වරු දෙකේ සිට හතර දක්වා නිල මැදිරියේදී ලබා දුන්නේය.



අදහස් (3)

තාබුගලගෙන් පැය තුනක රහස් ප්‍රකාශයක්

Pankumburage Monday, 24 June 2024 06:29 PM

පස්වරු දෙකේ සිට හතර දක්වා පැය තුනක් ද?

:       0       7

මංජුල Monday, 24 June 2024 07:49 PM

ඔව් 2,3,4

:       1       7

Mama Ganan PassMonday, 24 June 2024 08:53 PM

පැය 4ක් නේද

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 530 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site