
(යොහාන් භාසුර)
තැපැල් කාර්යාලවලින් විදුලි සහ ජල බිල්පත් ගෙවීමේදී අය කරන සේවා ගාස්තුව රුපියල් 20 ක් දක්වා ඉහළ දමා තිබේ.
තැපැල් කාර්යාලවලින් විදුලි සහ ජල බිල්පත් ගෙවීමේදී මීට පෙර රුපියල් 5 ක් පමණක් අය කළ බවත් එම ගාස්තුව මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ද ඇතිව රුපියල් 15 කින් ඉහළ දැමූ බවත් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසීය.
තැපැල් දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් වියදම් ඉහළ යෑමත් බිල්පත් සේවාව සඳහා අදාල රාජ්‍ය ආයතන ගෙවූ ගාස්තුව පහළ දැමීමත් නිසා මෙසේ ගාස්තු ඉහළ දැමීමට සිදුවූ බව ද තැපැල්පතිවරයා වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුද්දර ගාස්තුව ඉහළ දමා ලිපියක් යැවීමත් නැතිවුණා. දෙපාර්තමේන්තුවට ආදායම් අඩුවුණා. තවත් ආදායම් මාර්ගයක් මෙයිනුත් නැතිවෙනවා. දෙපාර්තමේන්තුව පුද්ගලික අංශයට දෙන්න වේවි.. නැත්නම් ඉතින් ජනතා මුදල් වැටුප් ගෙවන්න දෙන්න වෙනවා නේද?
20 ගානේ මාස 02ට කළින් ඉඳලා ඒත් බිල අදාළ තැනට යැවෙන්නේ නෑ. පින් පඩි ගන්න තැපැල් මහත්තුරු. හිඟන රටේ කියන්න තැනකුත් නැහැ...