
(දිනේෂ් සමරකෝන්)
ලෝක තැපැල් දිනය යෙදී තිබෙන අද (09) දිනයේ සියලු තැපැල් සේවකයකයන් කළු පටි පැළඳ රාජකාරියට වාර්තා කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් මංජුල බණ්ඩාර ජයසුන්දර මහතා පැවසීය.
අතිකාල දීමනා වංචාකාරී ලෙස ලබා ගන්නා බවට තැපැල්පතිවරයා සිදු කළ ප්‍රකාශය හරහා තැපැල් සේවකයන්ගේ තනතුරේ ගරුත්වය කෙළසීමට කටයුතු කළ බවත්, ඒ අනුව කළු පටි පැළඳීමේ ක්‍රියාවලිය සිදු කරන බවත් කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.
එමෙන්ම තැපැල්පතිවරයාගේ එම ප්‍රකාශයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද මංජුල බණ්ඩාර ජයසුන්දර මහතා පැවසීය.
කෝටි ගණනක මුදලක් අතිකාල දීමනා ලෙස සේවකයන් ඇඟිලි සලකුණ තැබීමෙන් තොරව ලබාගෙන ඇති බවට තැපැල්පති රුවන් සත්කුමාර මහතා පසුගියදා චෝදනාවක් කළේය.
අනතුරුව එම ප්‍රකාශයට එරෙහිව තැපැල් වෘත්තීය සමිති දැඩි ලෙස අප්‍රසාදය පළ කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට හොරකම් කරන්න දියව් , අපි හොරු, අපිට හේන ගහපිය කියලා නේද?
තැපෑලෙන් දුන්න අයට තැපෑලෙන්ම හම්බුනා නේද සම්බුව. හොඳ වැඩේ තොපිට. උඹල තමයි මාලිමාව ගේන්න උඩ පැනගෙන වැඩ කරේ. දැන් සැ ප ද.....?
අනේ මෙයාල බබාලා. මොනවත් දාන්නම නැ
කරන්න හෙදයි කියනකොට කෙදිරිගානව, තේරුම් ගනිල්ලා දැන් ඉස්සර වගේ නෙවෙයි කියලා
හොරෙන් ගන්නවා මදිවට ඒක පිලිගන්න කැමතිත් නැහැ. එහෙනම් අත්සන් නොකර ඇඟිලි සලකුණ තියන්න පුලුවන්නේ
ඇත්ත කියන විට රිදෙන බව අපි දන්නවා, නාමල් නම් නඩු කියනවා කෙසේ වෙතත් අඩු ගානේ එන්තරවාසියක් වත් එවනවා ! අපි බලමු මේගොල්ලො නඩු කියන හැටි.
ආසිරි කියනදේ සහතික ඇත්ත ඇත්තටම වසරකට දෙකකට පෙර අවම වශයෙන් මාසෙකට දුරකථන බිලවත් ලැබුනා දැන් ඒකත් නැහැ අපිටනම් දන් තැපෑලෙන් වැඩක් වෙන්නෙ නැතිතරම් ඒත් සමහරක් වැඩකරන ප්‍රාද්ශීය ලේකම් කාර්‍යාලවලට සමහර ගාස්තු ගෙවනවාට වඩා තැපැල් කාර්‍යාලයට ගෙවීමි පහසුයි (1992 ට පෙර උප දිසාපති කාර්‍යාල ප්‍රාද්ශීය ආදායම් කාර්‍යාල කිව්වත් දැනටත් එම කටයුතු කිරීම පැවරී ඇතත් ඒවා නොදන්න නිළධාරින් නිසා මේ තත්වය ඇතිවෙනවා ).එයින් පේන්නෙ තැපැල් කටයුතු බොහොම අඩුයි කියල කියන්න පුලුවන් වැඩ අඩුනම් අතිකාල අවශ්‍යම නැහැනේද තැපැල්පතිතුමා කියනදේ ඇත්ත කියල හිතෙනවා