
(මහින්ද නිශ්ශංක)
මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
මැතිවරණ රාජකාරි වලින් නිදහස් කර ඇති අය හැරෙන්නට රාජ්‍ය සේවයේ හා පළාත් රාජ්‍ය සේවයේ අනෙකුත් සියලුම නිලධාරීන් ජන්ද සදහා අයදුම් කළ යුතු බව එම කොමිෂන් සභාව පවසයි.
තම සේවා ස්ථානයට ආසන්නව පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට තැපැල් අයදුම්පත් භාර දියයුතු බව ද මැතිවරණ කොමිෂන් සභාව වැඩි දුරටත් සඳහන් කළේය.
මේ අතර කිසිදු හේතුවක් නිසා හෝ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම යලි දීර්ඝ නොකරන බවත් මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.