IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


තාප්පයක් නිසා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය නවතියි

(යොහාන් භාසුර)

කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයට අයත් දුම්රිය නිල නිවාස පිහිටි ස්ථානයේ බාහිර පාර්ශවයන් අනවසරෙන් දුම්රිය ස්ථානයට සහ දුම්රිය පරිශ්‍රයන් වෙත ඇතුල්වීම වලක්වාලීම සඳහා ඉදිකර තිබු තාප්පයක් එම ප්‍රදේශයේ ප්‍රදේශවාසීන්ට බලහත්කාරයෙන් කඩා ඉවත් කිරීමේ සිද්ධියකට විරෝධයය දක්වමින් කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයේ සේවකයන් සේවයෙන් ඉවත් වූ අතර ඒ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය පැය කීපයක් අහිහිටුවීමට සිදුවිය.

දින දෙකකට ආසන්න කාලයක සිදුවෙමින් තිබූ එම නීතිවිරෝධී කටයුත්ත පිළිබඳව කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපතිවරයා කොම්පඤ්ඤවීදිය පොලීසය වෙත පැමිණිලි කළ ද ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගය නොගැනීම හේතුවෙන් අද දිනයේ එම ප්‍රදේශවාසීන් සම්පූර්ණයෙන්ම එම තාප්පය කඩා ඉවත් කළ බවත් දුම්රිය දේපොළ කඩා දැමූ පිරිස අත්අඩංගුවට ගැනීමේ කටයුතු ප්‍රමාද වීම හා එම පිරිස වහම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් අද දින පැය දෙකක පමණ කාලයක් දුම්රිය ධාවන කටයුතු වලින් ඉවත් වීමට එම දුම්රිය ස්ථානයේ සේවකයෝ පියවර ගත්හ.

පැය දෙකකට ආසන්න කාලයකින් පසුව එම අලහහානී කළ පිරිසෙන් කොටසක් කොම්පඤ්ඤ වීදීය පොලීසිය වෙත රැගෙන ගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මක වේ. 



අදහස් (3)

තාප්පයක් නිසා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය නවතියි

පිටරටවැසියා Monday, 11 March 2024 02:47 PM

පෙනෙන හැටියට පොලීසිය යුක්තිය පස්සේ යනකොට රටේ සාමාන්‍ය නීතිය බල්ලට ගිහින් වගේ..!

:       5       28

ThoththababaMonday, 11 March 2024 05:54 PM

තාප්පය ඉදිකර තියෙන්නේ දුම්රිය ස්ථානයට අනවසරයෙන් ඇතුල්වීම වැළැක්වීම සඳහා කියලා යන්තම් තේරුම් ගන්න පුළුවන්... මොකද වාර්තාව පැහැදිලි නැහැ. එම තාප්පය අවට අනවසරයෙන් පදිංචි කරුවන් විසින් (රජයේ දේපලක්) කඩා දමා තියෙනවා. ඒක පොලිසියට කිව්වාට නොසලකා හැරීම නිසා තාප්පය සම්පූර්ණයෙන්ම විනාශ කරලා තියෙන්නේ... ඒක කරන්න ඇත්තේ අනවසර ඇතුළු වීමට සහ අනවසර ඉදිකිරීම් සඳහා වෙන්න ඇති... පොලීසිය නිහඬව ඉන්නවා ඇත්තේ ඒ පැත්තේ දේශපාලුවෙක් ඒක කරවන්න ඇති කොහොම වුණත් ශ්‍ර්‍රී ලංකා නිදහස් පක්ෂය හා සම්බන්ධව සිටි මිනිස්සු දැනට මොන පක්ෂයේ හිටියත් හැමදාම කලේ දුම්රිය මාර්ග වැසීමට කටයුතු කිරීම තමයි. අලුත් උදාහරණය සැහැල්ලු දුම්රිය මාර්ගය ඉදිකිරීම් නැවතීම පෙන්නන්න පුළුවන්. ජනතාවට කියන්න තියෙන්නේ වැටත්, නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ අමාරුව කියලා තමයි...

:       2       4

අරවින්ද මොනරවිල Monday, 11 March 2024 09:05 PM

ඡන්දයට පෙර රටේ ජාතිවාදී හෝ වෙනයම් ආකාරයක ගැටුමක් නිර්මානය කරන්න උත්සාහ කරන බවක් තමයි පෙනෙන්නට තියෙන්නේ. ඊට පස්සේ දුටුගැමුණුලා විහාර මහ දේවියලා හා දියසෙන් කුමාරයෝ එළි බිහිවී... රැවටෙන්න එපා මිනිස්සුනේ ඕවාට... අපි කල්පනාවෙන් හා සමගියෙන් ඉඳිමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site