(රොමේෂ් මධුෂංඛ)

තෛපොන්ගල් රාජ්ය  උත්සවය මෙවර යාපනයේ පැවත්වෙන අතර ඒ සඳහා සහභාගී වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (15) දින යාපනයේ සංචාරයක නිරත විය.

පළමුව යාපනයේ ආගමික නායකයින් හමු වී ආශිර්වාද ලබාගත් අතර පසුව තයිපොන්ගල් රාජ්යක උත්සවය සඳහා සහභාගී වීමට නියමිතව ඇත.

මේ අනුව පළමුව යාපනය ශ්රීය නාගවිහාරයට ගොස් ආගමික වතාවත්හි නිරත වී ශ්‍රී නාගවිහාරයේ විහාරාධිපති  මීගහජදුරේ සිරිවිමල නායක හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය. 

අනතුරුව යාපනය නල්ලූර් කෝවිලේ ප්රිධාන පූජකවරයෙකු වූ නල්ලෙයි ආදීන ආශ්රලමාධිපති ගරු ශ්රීධ සෝමුන්දරම් පූජකතුමා හමු වී ආශිර්වාද ලබාගත් අතර පසුව යාපනය රදගුරු නිල නිවස බලා පිටත්වූවේය.

එහිදී යාපනය රදගුරු ජස්ටින් ඥානප්රිකාශම් පියතුමා හමු වී සාකච්ඡාවක නිරත වීමෙන් පසුව එතුමන්ගෙන් ආශිර්වාද ලබාගැනීම සිදු විය.

මෙම අවස්ථාවන්ට අමාත්ය  ඩග්ලස් දේවානන්ද, රාජ්යා අමාත්යස සුරෙන් රාඝවන්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, යුදහමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ යන අය ඇතුලු පිරිසක් සහභාගී වී සිටියහ.