
(අංජුල මහික වීරරත්න)
වසර 2028 වන විට ගෙවිය යුතු විදේශ ණය ස්වශක්තියෙන් ගෙවීමට හැකි වන ආර්ථික වර්ධනයක් සහ ස්ථාවරත්වයක් රටේ නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
බිඳ වැටුණු ආර්ථිකයක රාජ්‍ය ස්වාධිපත්‍ය හා ස්වෛරිත්වය රඳා නොපවතින බව කී ජනාධිපතිවරයා අවසන් ප්‍රතිඵලය විය යුත්තේ ජාතියක් ලෙස ස්වාධිපත්‍යය සහ ස්වෛරීභාවය අත්පත් කර ගැනීම බව අවධාරණය කළේය.
ඒ වෙනුවෙන් ඉතා වෙහෙසකර සහ අත්නොහරින ව්‍යායාමයක තමා ප්‍රමුඛ රජය නිරතව සිටින අතර රාජ්‍ය නිලධාරීන් සහ පුරවැසියන් ලෙස සියලුදෙනාගේ සහායද ඊට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව කීවේ “ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසාධනය: ණය සහ පාලනය” (Sri Lanka's Road to Recovery: Debt and Governance) මැයෙන් අද (16) පෙරවරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය සිදු කරමිනි.
රට තුළ මතුපිට තලයේ ආර්ථික ස්ථාවරත්වයක් නිර්මාණය වී පැවතියද, එම තත්ත්වය ශක්තිමත් ලෙස ස්ථාවර කර ගනිමින් ආර්ථිකය ඉහළට ඔසවා තැබීමට නව ප්‍රතිසංස්කරණ සහ වෙනස්කම් අත්‍යාවශ්‍ය බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
වත්මන් රජය යටතේ ඉතා කෙටි කලක් තුළ රටට ආර්ථික ජයග්‍රහණය රැසක් අත්කර දී තිබෙන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා එම වැඩපිළිවෙළ ඉදිරියටම ක්‍රියාත්මක කරමින් රට ආර්ථික, දේශපාලන සහ සාමාජයීය වශයෙන් ජයග්‍රහණය කරවීම තම රජයේ අරමුණ බවද සඳහන් කළේය.
ණය ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලියේ ශ්‍රී ලංකාවේ අත්දැකීම්, උගත් පාඩම් සහ ප්‍රගතිය සමාලෝචනය කිරීම මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනට අදාළ ප්‍රගතිය සහ ඉදිරි අභියෝග සාකච්ඡා කිරීම වෙනුවෙන් මෙම සම්මන්ත්‍රණය පැවැත්විණි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාද මෙහිදි අදහස් දැක්වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පච මදිවට විහිළුත් කරනවා. කෝ ආයෝජකයෝ...? ලෝක බැංකුව කියන විදියට 2026 ආර්ථික වර්ධනය 3%යි. ණය ගෙවීම කෙසේ වෙතත් කලින් පාරටත් වඩා දරුණු බංකොලොත්වීමක් නම් වෙන්න පුළුවන්....
ඔබට හෝ මේ රටේ රජයට හෝ පුරවැසියාට එය කිරීමට අවශ්‍ය දැයි මම නොදනිමි. එය සාමූහික උත්සාහයකි. ඔබ නිර්භීත නම්, ජනාකීර්ණ රජයේ සේවකයා ඉවත් කරන්න. උසස් පෙළින් පසු නොමිලේ අධ්‍යාපනය නවත්වන්න සහ උපාධිය ලැබීමෙන් පසු ආපසු ගෙවීමට ශිෂ්‍යයාට ණය ලබා දෙන්න. නියාමනයක් සහිතව නිදහස් අධ්‍යාපනය විවෘත කරන්න සහ සියලුම පුරවැසියන් සඳහා වයස අවුරුදු 45ට අඩු සෑම රෝහලකටම 1/3ක ගාස්තුවක් අය කරන්න. අනිවාර්ය බද්දක් හඳුන්වා දෙන්න සහ පළාත් සභාව අහෝසි කරන්න. එසේ නොමැති නම්, මෙය ඔබේ තවත් එක් ඉටු නොවූ ආශාවෙන් පිරුණු චින්තනයක් වන අතර ඔබේ බොරු ලැයිස්තුවේ තවත් මෙගා "පචා" එකකි.
ඕනෑම නායකයෙක් සැබෑවටම රටට ආදරයෙන් රට නගා සිටුවීමට වැඩ කරන්නේ නම් ඊට එරෙහිවීමට කිසිවෙකුටත් අවශ්‍ය නැතැයි සිතමි. බොරු හෝ මවාපෑම් පමණක් වූ කලී ඉතිරි වන්නේ කලකිරීමකි. ආර්ථිකය පමණක් නොව ජාතිය සහ රටේ ආරෂාවද වැදගත්ය . ජාතිකත්වක් නැති තැන නිර්ආගමික වූ තැන ඉතිරි වන්නේ පුහු දේශපාලන අදහස් පමණි. දෑස් විවරව බලා සිටිමි.
රටට කෙළවෙනකම්, උමතුවෙන් වහසිබස් දොඩන ඩෝබි හැතිකරේ හැඳි ගෑවිලාම යන්න ඕනෑ...!
චූටි දෙයක් කරලා ලක්ෂ ගණන් පඩි දීමනා ගන්නා රජයේ සේවකයින් කියලා ඉන්න වංචාකාරීව පහසුවෙන් ජීවත්වෙන හොරුන්ට තවත් බෙදලා මේ රටේ ණය කන්ද කිසිම දිනක ගෙවන්න බෑ...! මිනිස්සු 90% ප්‍රයෝජනවත් වැඩක් නොකර බොරුවෙන් වෘත්තීය සමිති මාෆියාව හරහා ආණ්ඩුව බයකරලා වැඩි පඩි දීමනා කනවා..! රටේ නිෂ්පාදනයේ නියැලෙන අයට වඩා රජයේ නිලධාරීන් හා පුද්ගලික කම්පැනි වල සුදු කරපටි ඇත්තෝ වැඩි පඩි අරගෙන සැපෙන් ජීවත් වෙනවා... රජයේ කාර්යාලවලට ඉස්පිරිතාල, පොලිසි ආදියට ගියාම ඔවුන් සත්‍ය වශයෙන්ම වැඩ කරන ගොවියන්ට ධීවරයින්ට රවනවා...! ඉතින් රට දියුණු වෙලා ණය ගෙවන්න පුළුවන් වෙයිද?...
බලමු ... බලමු ! 2028 දී ඔය වැඩ්ඩන්ගේ ප්‍රාතිහාර්යවල ප්‍රතිඵල දැක්කාම, මම සුපිරි, සූකිරි කොමෙන්ට් එකක් දාන්නම්. එතකන්, හොරු රංචු උගන්ඩාව? ඇතුළුව ලොකය පුරාම පොදි ගහපු ඩොලර් කෝටි, ප්‍රකෝටි ආපහු අපේ රටට ගෙන්න ගන්න ක්‍රම උපක්‍රම හොයන්න. නැත්නම් ඔවුන් ඒවා වාෂ්ප කරාවි..! අල්ලාගෙන කූඩු කරපු හාල්මැස්සන්ට වඩා නිදහසේ බඩ පිනුම් ගහන තෝර, මෝර මාළු ඇඟට ගුණයි කියා මගේ ආච්චිත් හැමදාම උදේ හවා කියවනවා.
යෝගා වගේ මෝඩ හරක් තාම හිතන්නේ මේ රට සුපිරි දියුණු වෙලා තිබිලා මේ මාස හයට මේ රජයෙන් බංකොලොත් කරලා කියලා..අනුන්ගේ පව් හෝදන්න තමා මුල්කාලේ යන්නේ . කජු කකා අපි තමා හොදටම කරලා තියෙන්නේ කියපු අතීතයේ පවු තමා මේ ගෙවන්නේ
මම හරි සතුටුයි ආණ්ඩුවට රට කරගන්න බැරිව ගිහින් රට තිබුණාටත් වඩා අන්ත තත්වයකට වැටුණොත්...
ඕවා ඉතින් සුපුරුදු කයිවාරු. ලෝක බැංකු වාර්තාව අනුව මේ අවුරුද්දේ ආර්ථික වර්ධනය සියයට 3.5 කින් අඩු වෙනවා. ලබන අවුරුදු දෙකේ සියයට 3.1 කින් අඩු වෙනවා. වර්ධනයක් නම් නෑ. මේ වෙනකන් ආපු අලුත් ආයෝජනයක් නෑ. අළුතෙන් ඩොලර් එන විදියක් නෑ. මෙයා ඒත් සුපුරුදු බයිලාව ගහනවා.
රට වැටෙනකම් බලන් ඉන්න උන්ට ඉන්න කියලා, රජය ගෙන යන වැඩ පිළිවෙල සාර්ථක බව පේනවා , රටට ජය!