
(අජන්ත කුමාර අගලකඩ)
ඇමැති ධුර අහිමි වූ හිටපු ඇමතිවරුන් වැඩිදෙනකු ඔවුන් භාවිත කළ නිල වාහන ආදිය තවමත් බාර දී නැතැයි නැතැයි වාර්තා වේ.
එපමණක් නොව, ඔවුන්ට ලබා දුන් ඇමති ආරක්ෂාව ද තවමත් ඉවත් කර නැති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
එම ඇමතිවරුන් වැඩිදෙනා රජයේ නිවාසවල තවමත් පදිංචිව සිටින අතර , ඔවුන්ට සියධුරය අහිමි වුවද, මාස දෙකක කාලයක් එහි රැඳී සිටීමට රජයේ අවසරය හිමි වේ.
ඉකුත් දා සිදු වූ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී, හිටපු අමාත්‍යවරුන් 16 දෙනකුට පමණ ඇමති ධුර නොලැබුණු අතර ,ඉන්වැඩිදෙනකු අමාත්‍ය ධුර භාර නොගන්නා බව ජනාධිපතිවරයා වෙත කලිනම දැනුම් දී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුන් අයුතු ලෙසට පාවිච්චි කරන්නේ ජනතා මුදල්... ඒවා ඔවුන්ගේ වැටුපෙන් අයකළ යුතුයි. ප්‍රමාද වුණොත් ප්‍රමාද ගාස්තුත් සමග අයකරන්න. රජය වෙනසක් වෙලා තරමක් තදින්ම වැඩකරන ජනතා හිතැති අයෙක් ආවොත් දේපළ රාජසන්තක කර හෝ අයකර ගනීවි...!
මුන්ට හෙන චදින්නේ නැද්ද්?
නම් ටික දාන්න. අපි බලාගන්නම්.
ඇස්බැන්දුම් දැකලා නැත්නම් බලාගන්න. පසු පෙලට ගිය ලොකු පුතාගේ මොනවද අඩුකරලා තියෙන්නේ...? බලයත් එහෙම්මයි.
ගෝල්ෆේස් අරගලයට ජය වේවා. මේ අය එලවනකන්ම මෙය යායුතුයි. මේවා දැක්කම අරගලය තවත් ශක්තිමත් වෙනවා..
අපේ සල්ලි තාමත් කනවා. මේ අයට දෙන්න ඕනේ රජ කාලේ දඬුවම්...!