IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


තැන් හතකට නාය රතු නිවේදන

(මොහොමඩ් ආසික්)

දිවයින පුරා පවතින අධික වර්ෂාව සහිත අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස නවයකට නාය යෑම් අනතුරු ඇඟවීමේ රතු නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද 07 වනදා නිකුත් කරනු ලැබ තිබේ.

එම නිවේදනයට අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල කොටුව, යක්කලමුල්ල, ඇල්පිටිය සහ නාගොඩ, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම වලල්ලාවිට, සහ ඉංගිරිය , මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර, සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස නවය සඳහා මෙම නාය යෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ.

මෙම ප්‍රදේශවලට පසුගිය පැය 24 ක කාලය තුල මිලි මීටර් 150 කට වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් තව දුරටත් වැසි පවතීනම් නායයෑමේ අධි අවදානම් බැවින් ආරක්ෂිත ස්ථානයකට යන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවට උපදෙස් ලබා දෙයි.

මෙම අනතුරු ඇඟවිමේ නිවේදනය හෙට 08 වනදා දක්වා වලංගු වෙයි.

 



අදහස් (0)

තැන් හතකට නාය රතු නිවේදන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 207 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site