IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


තුන් වතාවක් රටම අඳුරු වුණත් මණ්ඩලේ කරබාගෙන ඉඳලා

(සුජිත් හේවාජුලිගේ )

රටේ මෙවැනිම ආකාරයේ විදුලි බිඳවැටීම් තුනක් මෙයට පෙර වර්ෂ තුනකදීද සිදුව ඇතත් ඒ සෑම අවස්ථාවකදීම මෙවැනි බිඳවැටීම් වැළැක්වීමට මහජන උපයෝගීතා කොමිසම ඇතුළු ආයතන දුන් නිර්දේශ මේ දක්වා ක්‍රියාත්මකවී ඇතැයි විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කළේය.

එම නිර්දේශ ක්‍රියාත්මක වූයේ නම් රට පුරා විදුලි බිඳවැටීමක්  සිදු නොවනු ඇති බව විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ වෘත්තිය සමිති පවසයි.

මෙවැනිම ආකාරයේ විදුලි බිඳ වැටීමක් මුල් වරට 2016 මාර්තු මාසයේදී සිදුව ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

මේ අතර 2020 අගෝස්තු 17 වැනිදා කෙරවලපිටියේ සම්ප්‍රේෂණ පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් පැය හයකට අධික කාලයක් රටටම විදුලි විසන්ධි වූ බව පවසන එම ආරංචි මාර්ග 2021 දෙසැම්බර් මස 3 වැනිදා කොත්මලේ සහ බියගම විදුලි පද්ධතියේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් විදුලිය සැපයුම බිඳ වැටුණු බව සඳහන් කළේය.

රට පුරා ඊයේ සිදු වූ විදුලි බිඳවැටීමට හේතුව කොත්මලේ සිට බියගම දක්වා කොත්මලියේ දෙසට වන්නට අකුණු සැරක් වැදීමක් බව දැනට පවතින දත්ත අනුව පෙනීයන්නේ යැයි විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා ප්‍රකාශ කළේය.

 



අදහස් (11)

තුන් වතාවක් රටම අඳුරු වුණත් මණ්ඩලේ කරබාගෙන ඉඳලා

මරිසිපාල Monday, 11 December 2023 07:25 AM

තමන්ගෙ අතින් සිදුවන යමක් ගැන අවධානයක් ගැනීමක් කිසිවෙකු ඉදිරිපත් වෙන්නෙ නැහැ මොකද ඒක සිදුවුණේ කොහොමද කියලා එය සිදුකල අය හොදින්ම දන්න නිසා .මෙයට පෙර එහෙම වුනා නම් ඒක ගැන නොසලකා හිටපු අයගේ ක්‍රියාවක් නොවෙයි කියන්න අමාරුයි ඕනෑ කමින්ම කල දෙයක් නිසා තමයි ඉහලින් ලැබුණු නිර්දේශ ක්‍රියාත්මක නොවෙන්න ඇත්තේ .

:       0       33

ravin Monday, 11 December 2023 10:10 AM

පටන්ගත්තෙ 2016. රහවැටුනා කොමිස් එක. රටට හෙනගැහැව්වත් මට මොකෝ. මුංගේ මඩිය තරවෙනවානම් නේද. ඔන්න ඔහොමයිලු ගිජු ලිහිනියො හිතුවෙ.

:       1       29

Nishan Monday, 11 December 2023 11:06 AM

මණ්ඩලය වහාම පුද්ගලීකරණය කරන්න.

:       4       45

රංබොඩ Monday, 11 December 2023 11:13 AM

රජයක් නැති රටක් නිසා මේවා ප්‍රශ්න නෙවෙයි

:       29       13

Saman Monday, 11 December 2023 11:14 AM

විදුලිබල මණ්ඩලේ උඩ පුටුවල ඉන්නේ ඔලුවෙ අං ආපු සෙට් එකක්.. උන් ඔක්කොම එලෝලා වගකීමක් තියෙන සෙට් එකක් පත් කරන්න ඕනේ.

:       1       38

Prabha Monday, 11 December 2023 02:58 PM

මොනව උනත් වෙලාවට පඩිය බොනස් එහෙම ලබෙනවනෙ ඉතින්

:       0       11

කැවුතු ආච්චි Monday, 11 December 2023 03:50 PM

ජනක රත්නායක ලොක්කා ජනපති තරගයට එනවලු නෙව. මේ සිද්දිය ආං ඒකට කසකාරයෙක් බොලව්. මං නැතිව විදුලි බල මණ්ඩලේ කොරන්ට බෑ කියලා අඟවන්ට වලි කනවා. මං කීව දේ නෑහුව හන්දා ඕං වෙච්චි දේ කියනවා. අච්චරක් පාඩුයි කියනවා. කොටි නැගිට්ටවගෙන කලින් ගොයියෙක් ඇවිත් හොඳටම කොරලා ගිය හැටි මතක නෙවෙද? ආං ඒ "මං නැතිව බෑ" සූත්තරේම මුන්නැහැත් පාවිච්චි කොරන්ටයි යන්නෙ ඕං.

:       0       3

Dinesh Monday, 11 December 2023 07:28 PM

2016 දී ජනක ලොක්කාද සභාපති... ?

:       0       0

Bamunuarachchi Monday, 11 December 2023 06:17 PM

සිද්ද වෙන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බිඳ වැටීමක් නම් මණ්ඩලය වග කිවයුතුද? අකුණු ගසානම් පද්ධතියට හානි වුනේ මණ්ඩලය වගකිව යුතුද? බිඳවැටීම නිසා වැඩි විදුලි ප්‍රමාණයක් නොරොච්චෝලේන් ගන්න ගිය නිසා එයත් අක්‍රිය වුණා. ගෙදරක වුණත් උපකරණයකට වැඩි විදුලියක්‌ ගන්න ගියොත් ට්‍රිප් ඔෆ් වෙනවා. මණ්ඩලේ ඉංජිනේරුවරු දෙපැත්තෙන් හිනාවෙනවා ඇති මෙහෙව් අමනයෝද මේ රටේ ඉන්නේ කියලා.

:       3       1

Dinesh Monday, 11 December 2023 07:27 PM

පිටරට වලට අකුණු ගහන්නේ නැද්ද? මේකේ කියන්නේ සිදුවන දේ වළකාගන්න ක්‍රියාමාර්ග නොගැනීම කියලා. බමුණා වගේ මෝඩයෙක්...

:       0       1

lalindraMonday, 11 December 2023 07:38 PM

හිනාවෙන්නේ ඔබේ අදහස් දැකලා. කොහෙන් හරි අපි බේරාගන්න සුරදූතයෙක් ඇවිත් කියලා. සමහර විට ඔබ ඔවුන්ගෙම කෙනෙක් වෙන්න ඇති. මහත්තයෝ මේ ප්‍රවෘත්තිය මොකක් ගැනද තියෙන්නේ කියලා ඉස්සරවෙලා බලන්නකෝ... මෙවැනි බිඳවැටීම් සිදු නොවීමට කරන්න කියපු නිර්දේශ ක්‍රියාත්මක කරලා නෑ නේද? ආන් එවා නොකරපු ගොබිලන්ට ඇපේටයි ඔය මහත්තයා පෙනී හිටින්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

අපි දිනපු ඔක්කොම සභාවල බලය පිහිටුවනවා
2025 මැයි මස 14 643 0

ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.


බාල පොහොර තොගයක් පොලොන්නරුවෙන් අල්ලයි
2025 මැයි මස 14 294 0

පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල


’’සමහරු ඉතිහාසය අමතක කරමින් අපි එක්ක ඉන්න ලෑස්ති වෙනවා’’
2025 මැයි මස 14 650 0

ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


ඉෂාන් මධූෂ ගැන තොරතුරු වෙතොත් දැනුම් දෙන්න
2025 මැයි මස 14 27 0

මනම්පිටිය නිමල් ජයරත්න 2025.05.14. පොළොන්නරුව සෙවනපිටිය මහවැව අංක 43 ඒ 35 ලිපිනයේ පදිංචි අවුරුදු අටක් වයස දරුවා 14 වෙනිදා පාසල් ගොස් නිවසට නොපැමිණි බවට ඔහුගේ පිය


පුංචි ආණ්ඩු බලය ගන්න විපක්ෂ එක තැනකට රොක් වෙති
2025 මැයි මස 14 1530 5

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක


’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’
2025 මැයි මස 14 905 3

ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1440 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1625 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 427 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site