IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


තනි තනිව තෙල් ආනයනයට, පනත වෙනස් කරන්න අවසර

(ඩයනා උදයංගනී)

තෝරාගත් විශේෂ ක්‍ෂේත්‍රවලට අවශ්‍ය ඉන්ධන තනි තනිව ආනයනය කිරීමේ අවසරය ලබාදීමට හැකි පරිදි ඛනිජ තෙල් නිෂ්පාදන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක, අධ්‍යාපන හා වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

විදුලිබල, ධීවර සහ අපනයන සම්බන්ධ කටයුතු ආදී විධිමත් අයුරින් තෝරාගත් ක්‍ෂේත්‍ර වෙනුවෙන් අවශ්‍ය ඉන්ධන ඔවුන්ටම ආනයනය කිරීමට හැකි පරිදි මෙම පියවර ගැනෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ වෙනුවෙන් 2002 අංක 33 දරණ පනත සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීම පිණිස බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද රමේෂ් පතිරණ මහතා කීවේය.
සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

රටේ සියලු ආර්ථික ක්‍රියාකාරකම් සඳහා ඉන්ධන අත්‍යාවශ්‍ය බැවින් ආර්ථිකයේ තෝරාගත් විශේෂ ක්‍ෂේත්‍රවලට තමන්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් තනි තනිව ආනයනය කර භාවිතා කිරීම සඳහා බලපත්‍රයක් ලබාදීම යෝග්‍ය බව හඳුනාගෙන ඇතැයි ද ඇමතිවරයා ප්‍රකාශ කළේය.



අදහස් (0)

තනි තනිව තෙල් ආනයනයට, පනත වෙනස් කරන්න අවසර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 528 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2256 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1686 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site