
(අංජුල මහික වීරරත්න)
මෙරපනම් ඉන්ජෙක්ෂන් ග්‍රෑම් 1න් වයල්ස් 270,000 ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
උග්‍ර බැක්ටීරියා ආසාදන සඳහා ප්‍රතිකාර කිරීමට භාවිත කරන එන්නතක් වන මෙරපනම් ඉන්ජෙක්ෂන් ග්‍රෑම් 1න් වයල්ස් 900,000 ක් සපයා ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය පාකිස්ථානයේ M/s Genix Pharma (Pvt) Ltd වෙත පිරිනැමීම සඳහා 2024-12-30 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
එම එන්නත සඳහා වැඩි වන ඉල්ලුම සැලකිල්ලට ගනිමින්, පෙර ඇනවුමෙන් 30%ක ප්‍රමාණයක් එනම්, වයල්ස් 270,000 ක වැඩි වීමක් නැවත ඇනවුමක් වශයෙන් ලබා ගැනීම සඳහා වෛද්‍ය සැපයුම් අංශය විසින් ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.
ඒ අනුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව මෙරපනම් ඉන්ජෙක්ෂන් ග්‍රෑම් 1න් වයල්ස් 270,000 ක් පෙර සැපයුම්කරු වන පාකිස්ථානයේ M/s Genix Pharma (Pvt) Ltd වෙතින් සපයා ගැනීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 නොවැම්බර් මස 04
598
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2303
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තද බැක්ටීරියා ලෙඩට බේතක් පකිස්ථානයෙන්
රුවන් Wednesday, 04 June 2025 09:46 AM
සමාගම නරක නෑ ප්‍රංශයට, සිංගප්පූරුවට, තායිලන්තයට, චීනයට, තුර්කිය වගේ රටවල් වලටත් බෙහෙත් අපනයන කරන ඖෂධ සමාගමක්. එහෙම නැතුව ගිය ආණ්ඩුවේ වගේ ටෙන්ඩර් එක දෙන දවසට කලින් දවසේ ආරම්භ කරපු සමාගමක් නෙමෙයි මේක.
Dr Himali HerathWednesday, 04 June 2025 11:12 AM
මේ ඉතින් ගිය ආණ්ඩුව බෙහෙත් ගෙනාපු තැනක් ම තමා . මොකක්ද වෙනස . ඒ ගොල්ලෝ ගෙනාපු ගානට වැඩ වැඩියෙන් මේගොල්ලෝ වැඩි ගානට ගෙන එකනේ මේ කරන්නේ