( එච් .චන්දන )
මේ දිනවල ඇති දැඩි සුළං සමඟ මහවැව - තෝඩුවාව මුහුදු තීරණය නැවත වතාවක් උග්‍ර ලෙස ඛාදනය වීමට පටන් ගෙන තිබේ.
තොඩුවාවේ සිට උතුරු දෙසට කිලෝ මීටර් 01 ක් පමණ දුරක් මීටර් 400 ක පමණ කොටසක් මේ වන විට මුහුදට බිලිවී ඇති බව ප්‍රදේශයේ ධීවරයෝ සදහන් කරති.
මුහුදු වෙරළ ආසන්නයේ ඉදිකර තිබූ කුඩා ප්‍රමාණයේ කතෝලික වැදුම් පිදුම් කරන ස්ථානයක්,මාර්ගයක්ද මේ වන විට මුහුදට බිලිවී ඇති අතර,තොඩුවාව ක්‍රීඩාංගනයද ක්‍රමයෙන් ඛාදනය වෙමින් පවතින බවක්ද දක්නට ඇතතොඩුවාවේ පදිංචිකරුවන් බහුතරයක් ධීවරයින්ය.
ඔවුන් මුහුද අද්දර පදිංචිව සිටින්නේ ඒ නිසාය.මුහුදට යන තම ධීවර යාත්‍රාව ගාල් කිරීමට,මසුන් බේරා අලවි කිරීමට එය ඉතා පහසු ක්‍රියාවක් වන නිසාය.ධීවරයින් බහුතරක් මුහුදට ආසන්නයෙන් පදිංචිව සිටීමට සත්‍ය හේතුව එයයි.
එමෙන්ම මුහුදු වෙරළද ඔවුන්ට අවශ්‍යමය.මන්ද මුහුද සහ වෙරළ යනු තමන්ගේ ජීවිතය හා බද්ධව පවතින බැවිනි.
මේ වලාල සමයේ අවසානයයි.තවත් දින 10 කින් පමණ උදා වන්නේ වාරකන් සමයයි.වාරකන් සමයේදී මුහුද තවත් රළු වී යන්නේය.එවිට මීටත් වඩා විනාශයක් සිදු විය හැකි බවට ධීවරයින් අනතුරු හගවයි.සැබෑවකි.පෙර අත්දැකීම් ඇති ඔවුන් පවසන අනාවැකිය හෙට දිනයේ ඉටු වීමට බොහෝ විට ඉඩකඩ ඇත.ඊට පෙර වගකිව යුත්තන් ක්‍රියාත්මක නොවුවහොත් සිදුවීමට ඇති විනාශය අති මහත්ය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුහුදු පතුල හාර .. හාර වැලිගොඩදාගෙන ගොඩනැගිලි හැදුවා මතකද ...? මේ ඒවායේ ආනිසංස තමයි ... ගෙදරක බිත්තියට එහාපැත්තෙන් වලක් හෑරුවොත් මොකද්ද වෙන්නේ ...? මේ බිත්තිය කඩාගෙන වලට වැටෙනවා ... අන්න එක තමයි දැන් මෙතන සිද්ද වෙන්නේ .. අපේ රට ගිලාබහින්න පටන් ගත්තා විතරයි .. !
කවුද අපේ රට අරාබිකාරයින්ට වැලි ගොඩදාගැනීම බලපත්‍ර නිකුත්කරමින් , විකුණාගෙන මිලියන සිය ගණන් සල්ලි හම්බ කෙරුවේ ...? අහල බලන්න ඒ කාලයේ හිටපු ජනාදිපති " මහින්ද රාජපක්ෂගෙන් " එතුමායි , එතුමාගේ රජය තමයි මුහුදුපතුලෙන් වැලි ගොඩ දැමීමේ ජාවාරම් ඉතාමත් සාර්ථකව ඉෂ්ට සිද්ද කරගනිමින් සල්ලි හම්බ කරගත්තේ ... අද එතුමා අපේ රටේ.... අගමැති නේද?
පරිසරය කියන්නේ ස්වභාව ධර්මය. කවුරු කෙසේ කිවත් මොන තරම් බලවත් වුවත් ස්වභාවධර්මය වෙනස් කල නොහැක.