IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


තංගල්ලේ ධීවරයන් දෙදෙනා මුහුද මැද පැය පහක සටනක්

(චන්ද්‍රසේන ගමගේ සහ පී ගාර්දියවසම්)

තංගල්ල ධීවර වරායෙන් මුහුදු ගිය එක්දින ධීවර යාත්‍රාවක් මුහුදු රළකට හසුව පෙරලීයාමෙන් මුහුදට වැටුණු තංගල්ලේ ධීවරයන් දෙදෙනකු පැය පහකට අධික කාලයක් ජීවිතය හා මරණය සමඟ මහ මුහුදේ පොර බදද්දී මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයන් පිරිසක් විසින් බේරා ගැනීමේ පුවතක් වාර්තා වෙයි.

තංගල්ල ධීවර වරායෙන් ඉකුත් 29 දින පිටත්ව ගොස් ඇති යාත්‍රාව මසුන් අල්ලමින් සිටියදී 30 වැනි දින රාත්‍රී 02 ට පමණ මුහුදු රළට හසුව යාත්‍රාව පෙරලී තිබේ.

ඒ සමගම යාත්‍රාවේ සිටි ධීවරයන් දෙදෙනා මුහුදට වැටී තිබේ.පසුව යාත්‍රාවේ සුන් බුන්වල එල්ලී පැය පහකට අධික කාලයක් ධීවරයන් දෙදෙනා මුහුදු රළ සමඟ පොර බදමින් සිටියදී බහුදින යාත්‍රාවේ ධීවරයින් ඔවුන් දැක ධීවරයින් දෙදෙනා බේරා ගෙන තිබේ.

බහු දින යාත්‍රාවේ සිටි ධීවරයකු මුහුදට පැන මුහුදේ ගිලෙමින් සිටි ධීවරයන් දෙදෙනාට කඔයක් දී ධීවරයන් දෙදෙනා බහු දින යාත්‍රාවට ගෙන තිබේ. ධීවරයන් දෙදෙනා බහු දින යාත්‍රාවේ ධීවරයන් විසින් බේරා ගෙන ඇත්තේ 30 වැනි දින පෙරවරු 07 පමණ බව ධීවරයෝ පවසති.

බේරා ගත් ධීවරයන් දෙදෙනා එදිනම තංගල්ල ධීවර වරායට රැගෙන එනු ලැබීය. මහ මුහුද සමඟ පෙරබදමින් ජීවිතය ගලවා ගනු ලැබුවේ තංගල්ලේ පදිංචි ප්‍රදීප් ප්‍රියංක සහ ප්‍රසාද් චමින්ද යන ධීවරයන් දෙදෙනාය.



අදහස් (0)

තංගල්ලේ ධීවරයන් දෙදෙනා මුහුද මැද පැය පහක සටනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 499 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site