
(ජේ.ඉඳුරුවගේ)
ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ භූ විද්‍යා අංශයට අයත්ව ලංකා බැංකුවේ මෙට්‍රොපොලිටන් ශාඛාවේ තැන්පත් කර ඇති මැණික් ගල් 271 ක වර්තමාන වටිනාකම තක්සේරු කිරීමට මේ දක්වා පියවර ගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය 2023 වසරට අදාලව කෞතුකාගාර දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් වූ විගණන වාර්තාවක් මගින් අනාවරණය කරයි.
කෞතුකාගාර දෙපාර්තමේන්තුව මගින් මැණික් ගල් 272 ක් ආරක්ෂාව සඳහා 1964.09.18 දා සිට බැංකුවේ තැන්පත් කර ඇති අතර 1993 දී සිදුකළ භෞතික පරීක්ෂාවකදී එයින් කෘත්‍රිම ගලක් බවට හෙළිවූ එක් ගලක් බැංකුවෙත් ඉවත්කරගත් පසු දැනට ඇති මැණික් ගල් 271 හි වර්තමාන මූල්‍ය වටිනාකම තක්සේරු කළ යුතු බව කෞතුකාගාර දෙපාර්තමේන්තුව වෙත විගණන නිර්දේශ ලබාදී ඇත.
එම මැණික් ගල් තක්සේරු කිරීම බැංකුව තුළදී කළ නොහැකි බවත් ඒවා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ රසායනාගාරය වෙත ගෙන යා යුතු බවත් එම අධිකාරිය දැනුම් දුන් බව කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ ගණන් දීමේ නිලධාරියා විසින් විගණන කාර්යාලය වෙත පිළිතුරු ලබාදී ඇත.
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
704
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
තක්සේරු නොකළ කෞතුක මැණික් 271 ක් වසර 60 ක් බැංකුවක
ගුණරත්න Thursday, 24 October 2024 03:06 PM
ඒ කාලෙත් කෘතීම ගලක් අහු වුණා කියන්නේ කවුරුහරි හොඳ ගලකට මාරු කරලා. ඔය ගල් භාරදුන් නිලධාරීන් ගණන් බැලු නිලධාරීන්ගේ වත්කම් පරීක්ෂා කර බැලුවොත් හොයාගන්න ලැබෙයි. කවුද එකවරටම ධනවත් වූ තැනැත්තන් කියලා.
Shashika519 Thursday, 24 October 2024 03:29 PM
ඕවා විකුණලා දාලා ඒ මුදලින් ආයෝජකයක් පටන් ගනිල්ලා.