
(යොහාන් භාසුර)
අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දෙවැනි වර අයදුම්කරුවෝ 10,000 කට අධික සංඛ්‍යාවකට අයදුම් නොකළ විෂයක් ඇතුලත් විභාග ප්‍රවේශපත් ලැබීමෙන් ඔවුහු දැඩි අපහසුතාවට පත්ව සිටිති.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ තාක්ෂණික කරුණක් හේතුවෙන් මෙම ගැටලුව ඇතිවී ඇති බවත් මේ වන විට ගැටලුව විසඳා ඇති බවය.
එම ගැටලුව සම්බන්ධයෙන් අදාළ පාසල්වලට දැනුම් දී ඇති බව කී විභාග කොමසාරිස්වරයා අයදුම්කරුවන් විභාගයට පෙනී නොසිටියේ යැයි විභාගයෙන් පසුව කිසිවිටෙකත් සලකුණු නොවන බව ද වැඩිදුරටත් සඳහන් කළේය.
පසුගිය වසරට අදාල අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන 6 වැනිදා ආරම්භවීමට නියමිතය.
ඊට අයැඳුම් කරුවන් 452979ක් සුදුසුකම් ලබා ඇති අතර ඉන් 65,331ක් පෞද්ගලික අයැඳුම්කරුවන් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
438
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තාක්ෂණික අවුලෙන් අයදුම්කරුවන් 10,000කට අවුලක්
විහංගා Saturday, 04 May 2024 01:23 PM
වර්තමානයේ තාක්ෂණික පහසුකම් ඉහළින් තිබුණත් ඉන් පෙර කාලයේ වුණත් ඔහොම දේවල් වෙලා තියෙනවා. සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්පත් ඉදිරිපත් කර විභාගයට නොගිය කෙනෙක් එක විෂයක් සමත්වෙලා කියලා ප්‍රතිඵල ලැයිස්තුවේ තිබුණා. ඒ අතර එක් හාමුදුරුවන් කෙනෙක් ගෘහ විද්‍යා විෂය සමත්වෙලා තිබුණා...
shantha Saturday, 04 May 2024 05:31 PM
විභාගවලදීම තාක්ෂණික ප්‍රශ්න වෙන්නේ කොහොමද? එහෙම වෙනවා නම් සිදුවෙන්නේ තාක්ෂණය ගැන නොදන්නා අය අතින්... නැතිනම් කාගෙන් හරි ජරාවක් කාපු හොරෙක්ගේ අතින්. එහෙම වැඩ "අප්සෙට්" කරන පුද්ගලයාව හොයාගෙන, මිනිහාව ඒ අංශයෙන් වෙන තැනකට "නැවත කවදාවත් උසස්වීමක් නොලැබෙන" ආකාරයට මාරුකරන්න බැරිද? එහෙම වැරැදිකාරයාව හොයාගන්න බැරි නම් ඒ අංශයේ ඉන්න ඔක්කෝම කට්ටියව ඩිමොට් කරලා කොහේට හරි මාරුකරලා අලුතෙන්ම කණ්ඩායමක් අරගන්න.