(පැතුම් දර්ශන)
රුපියල් විසිදහසක අල්ලසක් ලබාගත් බවට සැකපිට හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ තාක්ෂණ නිලධාරිවරයා අල්ලස් හා දූෂණ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අද(06) දවල් අත්අඩංගුවට ගනු ලැබීය.
හොරොව්පොතාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් අල්ලස් හා දූෂණ විමර්ශන අංශයට සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
එම ව්‍යාපාරිකයාගේ බිරිඳට අයත් ගොඩනැගිල්ලක පරිසර හා ආරක්ෂණ බලපත්‍රය ලබාදීමට සැකකාර තාක්ෂණ නිලධාරිවරයා රුපියල් විසිදහසක අල්ලසක් ඉල්ලා ඇතිබවත් ඒ අනුව එම මුදල ලබා ගැනීමට යාමේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවත් උසස් නිලධාරියෙකු පැවසීය.
2025 දෙසැම්බර් මස 04
702
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තාක්ෂණ නිලධාරියා අල්ලස් දැලේ හිරවේ
ranjith Tuesday, 06 December 2022 03:20 PM
රුපියල් 20000 නෙවෙ රුපියලක් උනත් වන්චා කිරීම වරදක්. ඒ උනාට කෝ ඔය ප්‍රසිද්ධ මහා පරිමාන වන්චා දූශන ගැන නිසි ක්‍රියා මහබැංකුවෙ වංචාවෙ සිට කීයක් මහාපරිමාන වංචා ගැන පර්ලිමෙන්තුවෙම කතා කරාද? එව එ දෙගොල්ලන්ටම කැප ඒ්වද සමාන්ය ජන්තාවට පමනද නීතිය?
Senarath Tuesday, 06 December 2022 03:49 PM
ප්‍රාදේශීය සභාවල වැඩකරන 90% ක තාක්ෂණ නිලධාරීන් ඔය වගේ තමා. ප්ලෑන් එක කොච්චර නිවැරදිව ඇඳලා තිබුණත් මොකක් හරි දෙයක් කියලා එය අනුමත කිරීම ප්‍රමාද කරනවා ගාන ලැබෙනකම්.
Buddika Tuesday, 06 December 2022 05:39 PM
ප්‍රාදේශීය සභා, නගර සභාවල බොහෝ නිලධාරීන්ගේ ක්‍රමය මේකයි. මොන වැඩක් සියයට සියයක් නිවැරදිව බාර දුන්නත් ඔය මිනිස්සුන්ට පගාව නොදී වැඩක් කරගන්න බෑ.
siri Wednesday, 07 December 2022 03:21 AM
වංචාව දූෂණය අතින් කප් ගහපු රටක් ඉහලම සිට පහළට හොරකම දූෂණය සුලබයි.
Bamunuarachchi Wednesday, 07 December 2022 07:07 AM
ඇයි හොරොව්පතානේ TO පමණක්? හැම ප්‍රාදේශීය සභාවක තාක්ෂණ නිලධාරියෝ පගාව ගන්නවා. කවදාවත් පගාව නොගෙන ප්ලෑන් එකක් පාස් කරන්නේ නැහැ. හැබැයි TOට මට කෙලින්න බැරිඋනා.