(පැතුම් දර්ශන)

රුපියල් විසිදහසක අල්ලසක් ලබාගත් බවට සැකපිට හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ තාක්ෂණ නිලධාරිවරයා අල්ලස් හා දූෂණ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අද(06) දවල් අත්අඩංගුවට ගනු ලැබීය.

හොරොව්පොතාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් අල්ලස් හා දූෂණ විමර්ශන අංශයට සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

එම ව්‍යාපාරිකයාගේ බිරිඳට අයත් ගොඩනැගිල්ලක පරිසර හා ආරක්ෂණ බලපත්‍රය ලබාදීමට සැකකාර තාක්ෂණ නිලධාරිවරයා රුපියල් විසිදහසක අල්ලසක් ඉල්ලා ඇතිබවත් ඒ අනුව එම මුදල ලබා ගැනීමට යාමේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවත් උසස් නිලධාරියෙකු පැවසීය.