IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


තේක්ක ගහෙන් මාරයා එයි

(කේ. බුද්ධික කුමාරසිරි)

හෝමාගම මාගම්මන ප්‍රදේශයේ උත්සව ශාලාවක තිබූ තේක්ක ගසක අතු කැපීමට ගිය පුද්ගලයකු එම ගසේ අඩි හතලිහක පමණ උඩක සිට බිමට ඇද වැටීමෙන් බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට අද (02) දින  ඇතුලත් කල පසු මියගොස් ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මාගම්මන වෙදගෙවත්ත ප්‍රදේශයේ පදිංචි මහගමගේ ජයරත්ත නැමැති 61 හැවිරිදි අවිවාහකයෙකි.

මියගිය පුද්ගලයා තවත් පුද්ගලයකු සමගින් අදාල ගසේ අතු කැපීම සදහා ගොස් ඇති බවත් එම ගස අඩි හැත්තෑවක් පමණ උසැති ගසක් බවත් එම ගසේ අඩි හතලිකහ පමණ උසින් තිබූ අත්තක් කැපීමට යාමේදී අත ලිස්සා බිමට ඇද වැටී ඇති බවට සිදුකල මූලික විමර්ශණයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

එම අවස්ථාවේදී මියගිය පුද්ගලයා සමග අත් උදව්වට ගිය අ⁣ය ගස මුල ලණුවක් අත අල්ලා සිට ඇති බවත් පොලිසිය පවසයි.

 



අදහස් (0)

තේක්ක ගහෙන් මාරයා එයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 596 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 748 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 314 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site