(අංජුල මහික වීරරත්න)
මෙරට තේ වගාව සඳහා අවශ්‍ය පොහොර නිෂ්පාදන මිලටම ලබා දීමට රජයට අයත් පොහොර සමාගම් දෙක එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.
තේ වගාව සඳහා අවශ්‍ය වන පොහොර සහන මිලකට දෙන ලෙස තේ කර්මාන්තකරුවන්ගේ ස්වාධීන සංගමය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම පියවර ගෙන ඇත.
රජයට අයත් ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගම විසින් දැනට තේ, කුරුඳු, පොල් ඇතුළු වැවිලි බෝග වර්ග සඳහා විශේෂ මිශ්‍ර පොහොරක් නිෂ්පාදනය කරනු ලබයි. මෙම පොහොර තේ වගාව සඳහා ඉතා උචිත වන අතර එම පොහොර සහන මිලකට තේ කර්මාන්තකරුවන්ට ලබා දීම සම්බන්ධව අමාත්‍යවරයා රජයට අයත් පොහොර සමාගම් දෙකෙහි සභාපතිවරයා වන ආචාර්ය ජගත් පෙරේරා මහතා සමග සාකච්ඡා කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්.. නමුත් මෙම ක්‍රියාවලියේ කිසිදු දූෂණයක් මතක තබා ගන්න.
එතකොට පොල්, අන්නාසි, කෙසෙල්, රබර් පොහොර භාවිතය?
මිල අඩු කලාම පාවිච්චිය වැඩිවෙනවා. නමුත් අස්වැන්න අඩුයි. හේතුවක් හැටියට කියන්න වෙන්නේ පොහොර වගාවට යොදන ආකාරය තමයි. බොහෝ දෙනෙක් කරන ක්‍රමය තමයි.. වගාවේ ගස් අතර විසිකර දැමීම... ඉතින් පොඩි වැස්සක් වැස්සත් පොහොර සේදී යනවා.. කාටවත් වැඩක් නැහැ. ඇත්තටම ඔය පොහොර බෑගයේ ඒවා පාවිච්චි කරන්න නැත්නම් වගාවට යොදන්න ඕන ක්‍රමය සඳහන් කළොත් ඉතාමත් හොඳයි කියන්න පුළුවන්...!