'තේ දළු අතරින් පිපෙන කැකුළු' ලෝක ළමා දින සැමරුම වෝගන් වත්ත දමිළ ළමා මිතුරු පාසල් පරිශ්‍රයේ දී පැවැත්විණ.

පෙර පාසලේ සිට 7 ශ්‍රේණිය දක්වා වැවිලි ප්‍රජා දූ දරුවන් ට පාසල් උපකරණ සහ දිවා ආහාරය මෙහිදී ප්‍රධානය කරන ලදී.

දූ දරුවන්ගේ කලා දක්ෂතා ප්‍රදර්ශනය කිරීමේ වැඩසටහනක් ද මෙහිදි පැවැත්විණි.

මතුගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ Colombo Tea Tasters  Excellence සිංහ සමාජය එක්ව සංවිධානය කළ මෙම වැඩසටහනට සිංහ සමාජ සාමාජිකයින්, දූ දරුවන්, ගුරුවරුන්, දෙමාපියන්, ප්‍රදේශවාසීන් ඇතුලු බොහෝ පිරිසක් මේ සදහා සහභාගී වූහ.