(අංජුල මහික වීරරත්න)
තේ කර්මාන්තශාලා අයිතිකරුවන් සියලු දෙනා සරල අගය එකතු කිරීමේ බද්ද (SVAT) සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කර ඇති බව ලංකා තේ මණ්ඩලය සඳහන් කරයි.
සරල අගය එකතු කිරීමේ බද්ද සඳහා තේ කර්මාන්ත ශාලා හිමියන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවීම හේතුවෙන් තේ දළු වෙන්දේසියේ (Tea Auction) ඇතිවන ප්‍රමාදවීම් වලක්වා ගැනීම සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී ලංකා තේ මණ්ඩලයේ මේ බව දැනුම් දුන්නේය.
එමෙන්ම දැනට තේ දළු වෙන්දේසි කරන ක්‍රමය වෙනුවට රටවල් ගණනාවක අනුගමනය කරන තේ දළු වෙන්දේසි කිරීමේ ක්‍රමයන් වන ඝෘජු වෙන්දේසි ක්‍රමය (Direct Auction) හා ඉදිරි ගිවිසුම් ක්‍රමයන්ට (Forward Contract) අනුව තේ දළු වෙන්දේසි කිරීම වහාම අරඹන ලෙස අමාත්‍යවරයා මෙහිදී උපදෙස් දුන්නේය.
ඒ අනුව මෙම ඝෘජු වෙන්දේසි ක්‍රමය හා ඉදිරි ගිවිසුම් වෙන්දේසි ක්‍රමය මෙම වසර ඇතුළලත ප්‍රවර්ධනය කිරීම සඳහා සුදුසු වැඩ පිළිවෙළක් වහාම සකසන්නැයි ද අමාත්‍යවරයා අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතාට උපදෙස් දුන්නේය.
2025 දෙසැම්බර් මස 16
36
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
832
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
තේ කම්හල් හිමිකරුවන් බද්දට ලියාපදිංචි වීම අනිවාර්යයි
ටිකිරි බණ්ඩාර Tuesday, 02 January 2024 05:21 PM
කුඩා තේ ඉඩමක් තියෙන අයෙක් ලෙසට නොදන්නා කමට අහන්නෙ මොකක්ද ඔය තේ දලු වෙන්දේසියක් කියන්නෙ .තේ කොළ (නිෂ්පාදනය කල තේ කොල) වෙන්දේසි අහල තියෙනවා වුනාට තේ දලු වෙන්දේසියක් අහල නැහැ කරුණාකර පැහැදිලි කරන්න ( වී කියන්නෙ එක් දෙයක් හාල් කියන්නෙ වී වලින් නිෂ්පාදනයක් වගේ තමයි තේ දලු හා තේ කොල කියන්නෙ )