(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ලංකා බැංකුව සහ මහජන බැංකුව යන බැංකුවලින් වැඩිම ණය ලබාගෙන නොගෙවා සිටින සිටින තෝරු මෝරු දස දෙනා හෙළි කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අද (24) ඉල්ලීමක් කළේය.
ණය ලබාදීමේදී කුඩා ව්‍යාපාරිකයන්ට එක නීතියක් ක්‍රියාත්මක කරද්දී තල් මසුන්ට වෙනත් නීතියක් ක්‍රියාත්මක කිරීම අසාධාරණ බවද ඔහු කීවේය.
විපක්ෂනායකවරයා මෙසේ පැවසුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.
සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.
ලංකා බැංකුව සහ මහජන බැංකුව මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් ණය අයකරගැනීම නොකරන බවට ජනතාව අතරේ බරපතල කුකුසක් පවතිනවා. බැංකුවල ආදායම වෙන්නේ ණය මත ලබා ගන්නා පොලිය. ණය මුදල් මෙසේ අය කර ගන්නේ නැත්නම් ද්‍රවශීලතා ගැටලූවකට බැංකු මුහුණ දෙනවා. ලංකා බැංකුවට සහ මහජන බැංකුවට ණය නොගෙවන පුද්ගලයන් සමාගම්10 කවරේද? ඔවුන්ගේ ණය ප්‍රමාණය කවරේද? ඔවුන්ගෙන් අයකරගත යුතු පොලී ප්‍රමාණය කවරේද? ණය සහ පොලී අය කර නොගැනීමට තීරණය කර ඇත්ද. ඒ කුමන ණය ප්‍රමාණ වලින්ද. කපා දැමීමට තීරණයක් ගෙන ඇත්නම් ඒ සඳහා හේතුවූ කාරණා මොනවාද. මේ රටේ කුඩා කර්මාන්තකරුවන් විශාල ප්‍රමාණයකට තමන්ගේ ව්‍යාපාර අහිමි වෙලා තියෙන්නෙ. පරාතේ නීතිය තුළ ඒ අයගේ වත්කම් වෙන්දේසි කරගෙන යනවා. තනි පුද්ගල මෝරු වගේම කොම්පැනි තල්මස්සුත් ඉන්නවා.
සභානායක අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා :
බැංකු ණය දෙන්න ඕන ආරක්ෂණයක් තියාගෙන. මේ ප්‍රශ්නය වැදගත්. තොරතුරු ලබාගෙන තොරතුරු දෙන්න ඕන.
සජිත් ප්‍රේමදාස මහතා;
අපේ රට බංකොලොත්. මුළු ජන ජීවිතය ඉවරයි. අපිට නම් ගම් සහිතව විස්තර ඕන. විශාල ණය ගත් තෝරු මෝරු දහ දෙනා ගැන කියන්න. එකම බලපත්‍රය පාවිච්චි කරලා බැංකු දෙකෙන්ම ණය ගන්නවා. විධිමත් සත්‍යවාදී තොරතුරක් ලබා දෙන්න.
කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා;
මිලියන 3000ක් බැංකුවෙන් ණය අරන් පොල්ල කියපු කෙනෙක් අද මේ පාර්ලිමේන්තුවේත් ඉන්නවා.. කෙනා කියන්නේ නැහැ. කුඩා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් විනාශ වෙනවා. තෝරු මෝරු ටික බේරිලා ඉන්නවා.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:
ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තුවට හෙළි නොකර ඉන්න බැහැ.මුදල් බලය තියෙන්නෙ පාර්ලිමේන්තුවට. බැංකුවලටද.
සුසිල් ප්‍රේමජයන්ත මහතා:
රාජ්‍ය මූල්‍ය පාලනය අපිට තියෙනවා. හැබැයි පුද්ගලයන්ගේ මූල්‍ය පාලනය අපිට නැහැ
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
කුඩා ව්‍යාපාරිකයන්ට එක නීතියක්. තල්මසුන්ට වෙන නිතියක්. ඇයි මේ අසමාන තත්ත්වය. මේගොල්ලන් මේ බැංකු එක්ක ඩීල් දාගෙන ණය ටික කපා ගන්නවා. කොහොමද එක්කෙනෙක් බැංකු දෙකකින් ණය ගන්නෙ.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
810
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ණය පොලු තැබූ තෝරු මෝරු 10 හෙළි කරන්න
abaran Friday, 24 November 2023 11:20 AM
හැමට එක නීතයක් තිබුන නිසානේ කඳ තිබුනට මොලේ චූටියට පිහිටලා තියෙන එකෙක් උස නම් සිකුරිටි මිටි නම් කම්කරු කියල රැකියා වෙන්දේසි කලේ . අනේ නිකන් යනවා අයිසේ යන්න
Latha Friday, 24 November 2023 11:34 AM
කෙනෙක් කියන්න බෑ. හැබැයි ඉන්නව. මරු නේද?
ranjith Friday, 24 November 2023 11:38 AM
හොරැන්ට ගිය රටක්
මැක්ස් Friday, 24 November 2023 11:40 AM
ඔබතුමාගේ අප්පොච්චි ඒ වගේ තෝරු මෝරු පිරිසකට ඒ කාලේ පැනල යන්න ඉඩ දුන්න. එක් කෙනෙක් තමයි යශෝධා සමුහ ව්‍යාපාරය කියල එකක් පවත්වා ගෙන ගිය පුද්ගලයා. එයා මහා ප්‍රේමදාස මැතිතුමාගේ ගෝලයෙක්. ඔබේ නැගණියත් බැංකු වලට පොලු තියල තියෙනවා කියලා ඒ කාලේ රාවයක් ගියා. ඇයි නගාගෙ ශිරෝහානා මල් ව්‍යාපාරය. ගත්ත මුදල් බැංකුවට ආයේ ගෙව්වද?
Dinesh Friday, 24 November 2023 07:09 PM
ඔයා ළඟ තියෙන තොරතුරු අදාළ ආයතනවලට දෙන්න නීතියෙන් කටයුතු කරන්න.
Bamunuarachchi Saturday, 25 November 2023 12:48 AM
මැක්ස් තාත්තාගේ කාලේ එහෙම වුණා කියලා පුතානෝගේ කාලේ එහෙම වෙන්න දෙන්න වුවමනා නැහැ. අපිත් කැමති අපේ සල්ලි ණයට අරන් ඒ ණය සහ පොලී නොගෙවන එවුන් රටට දන්වන්න. එකම ලයිසන් එක ඇපයට තියලා බැංකු දෙකකින් ණය අරන්. ඒ කියන්නේ බැංකු මැනේජර්ලාටත් පගාව දීලා නේද?
Perera Friday, 24 November 2023 01:19 PM
පාර්ලිමේන්තුවේ ඉන්න බැංකුවට පොල්ල තියපු එකාගේ නම කියන්නේ නැතුව ඒකත් වහනවා දයාසිරි