IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ණය ප්‍රශස්තකරණයෙන් සැප්තැම්බරයේ හොඳ කාලයක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවට වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට පමණක් නොව අනාගතයේදී වඩා තරඟකාරී ආර්ථිකයක් නිර්මාණය කිරීමට ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ ඉතා වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙම වැඩපිළිවෙළ හරහා ලබන සැප්තැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාවට බංකොලොත් භාවයෙන් මිදීමට හැකිවනු ඇතැයි පැවසූ ජනාධිපතිවරයා රජයේ එම ප්‍රයත්නයන්ට සහාය දැක්වීමට සාමූහිකව එක්වන්නැයි තමා සියලුදෙනාගෙන් ඉල්ලා සිටින බව ද කීය .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ (SLID) මහා සභා රැස්වීම අමතමිනි.

ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමේ අවශ්‍යතාව මෙහිදී පැහැදිලි කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමන් මේ වන විටත් අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, බැංකුකරුවන්, වාණිජ මණ්ඩල නියෝජිතයින් සහ වෘත්තීය සමිති නියෝජිතයින් සමඟ ඒ පිළිබඳ සාකච්ඡා කර ඇති බව ද පැවසීය.



අදහස් (4)

ණය ප්‍රශස්තකරණයෙන් සැප්තැම්බරයේ හොඳ කාලයක්

Chandima Saturday, 01 July 2023 04:27 PM

රට බංකොළොත් කරපු කට්ටියට පඩි ගෙව ගෙවා අපෙන් රට ගොඩගන්න උදව් ඉල්ලනවා. ඒ හොරු තවම තියාගෙන ඉන්නේ රට ගොඩඅරන් ආයෙත් එයාලටම බාරදෙන්න. ඉන් පස්සේ ආයෙත් වෙන්නේ පරණ දේමයි...

:       6       16

pakeer Saturday, 01 July 2023 07:54 PM

අපිටත් බැරිද බන්...? ණය හුඟාක් අරන් ඒවා ගෙවාගන්න බැරි වුණාම ප්‍රතිව්‍යුහගත කරලා, තවත් ණය අරගෙන, කිසිම දෙයක් නිෂ්පාදනයක් නොකර කෝටිපතියන් වෙන්න. ඔබ නම් සුපිරි පොරක්... ඔබේ මොලේ තමයි... මොලේ...

:       1       1

සිල්වා Saturday, 01 July 2023 09:03 PM

ඩොලරයේ අගය සීඝ්‍රයෙන් පහත වැටීමට ඉඩ හැරීමෙන් සුළු හා මධ්‍යම පරිමාණ අපනයන කරුවන් බංකොළොත් කළ ඔබ රජයේ අවශ්‍යතාවලට මුදල් ආයෝජනය කළ ආයතන සහ පුද්ගලයින් බංකොළොත් කිරීමේ උත්සාහයක යෙදෙනවා...

:       1       1

Rata Perata Sunday, 02 July 2023 12:38 PM

දින වකවානු කියන්නේ නැතිනම් හොඳයි. මේවා දකිනකොට ඇඟේ ලේ රත්වෙනවා. කියවන්න විතරයි දන්නේ. දැනුත් මෙයා කරන අලගෙඩියක් නෑ... මෙයා කරන්නේ IMF එක කරන්න කිව්ව වැඩ ටික... ඕක පොඩි ළමයෙක්ට වුණත් කරන්න පුළුවන්...

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 499 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site