(අංජුල මහික වීරරත්න)
ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ නිසා පොලී අනුපාත අඩුවීමක් සිදුවන බැවින් මූල්‍ය බැඳීම්වලින් දැඩි බලපෑමට ලක් වූ පුද්ගලයන්ට සහනයක් හිමිවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය
පොලී අනුපාත අඩුවීමේ කාලසීමාව නිශ්චිතව සඳහන් කළ නොහැකි වුවත් මාස කිහිපයක් ඇතුලත පොලී අනුපාතවල කැපී පෙනෙන අඩුවීමක් පිළිබඳ විශේෂඥයන් පුරෝකථනය කර ඇති බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ සත්‍ය තත්ත්වය ජනතාව හමුවේ තැබීමේ සුවිශේෂ කාර්යභාරයක් ව්‍යාපාරික ප්‍රජාවට සහ වෘත්තීය සමිති නියෝජිතයින් වෙත පැවරී තිබෙන බව ජනාධිපතිවරයා පැවසීය.
සැබෑ තත්ත්වය පැහැදිලි කිරීමෙන් ණය ප්‍රශස්තකරණය පිළිබඳ මෙරට ශ්‍රම බලකාය මෙන්ම සමස්ත ජනතාවගේ ඇති අනවබෝධය සහ අනිසි බිය දුරු කළ හැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ වාණිජ මණ්ඩල සාමාජිකයින්, ව්‍යාපාරික ප්‍රජාව සහ වෘත්තීය සමිති නියෝජිතයින් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡා දෙකකට එක් වෙමිනි.
දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන සිදු නොකළහොත් කුඩා ව්‍යාපාර මගින් ලබාගත් ණය සඳහා ගෙවිය යුතු පොළි අනුපාත නැවත වැඩි විය හැකි අවදානමක් ඇති බවයි.
එසේම රුපියල ශක්තිමත් වී තිබෙන මෙවැනි අවස්ථාවක ඩොලරය යළිත් ඉහළ යෑමේ අනතුරුදායක තත්ත්වයක් පවතින බව පැවසු ජනාධිපතිවරයා විදේශීය ණය ප්‍රශස්තකරණයට සමගාමීව දේශීය ණය ප්‍රශස්තකරණය ද අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බව පෙන්වා දුන්නේය.
සේවක අර්ථසාධක අරමුදල යටතේ ප්‍රතිලාභීන්ට ලබාදෙන 9%ක වාර්ෂික පොළිය ඒ ආකාරයෙන්ම ලබාදෙන බව නීතියෙන් සහතික කරන බවත්, එබැවින් ඉදිරියේදී ලැබෙන ප්‍රතිලාභ සම්බන්ධයෙන් කිසිදු අවිශ්වාසයක් ඇති කරගත යුතු නැති බවත් වෘත්තීය සමිති නියෝජිතයින් අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය.
දේශීය ණය ප්‍රශස්තකරණය කිරීමත් සමඟ සංවර්ධන ආධාර මෙරටට ලැබෙන බවත්, එමගින් ඉදිකිරීම් ක්ෂේත්‍රය ඇතුළු පසුගිය සමයේ අඩාල වී තිබූ අනෙකුත් සංවර්ධන කටයුතු යළි ආරම්භ කිරීමට හැකිවන බවත් පැවසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ ඔස්සේ ඇතිවන ආර්ථික ප්‍රබෝධය තුළ නව රැකියා අවස්ථාව රැසක් ද බිහිවන බව කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
504
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
261
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ණය ප්‍රශස්තකරණයේදී පොලී අනුපාත අඩු වෙිවි