(යොහාන් භාසුර)
ආණ්ඩුවට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම හැර වෙනත් විකල්පයක් මේ අවස්ථාවේදී නොමැති බවත් එය කළ ආකාරය වැරදි යැයි යම්කිසි කෙනෙක් කියනවා නම් එය කළයුතු විකල්ප ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා අද (4) පැවසීය.
ණය ප්‍රතිව්‍යුහගත කිරීම නුසුදුසු බව ප්‍රකාශ කරන්නේ නම් එය කළ යුත්තේ කුමණ ආකාරයකින්ද යන විකල්ප මාර්ගයක් පෙන්වා දියයුතු බව කී කාරියවසම් මහතා ඒ සම්බන්ධයෙන් හිස් ප්‍රකාශ කිරීම පමණක් නුසුදුසු බව ද සඳහන් කළේය.
මෙය ජයග්‍රහණයක් හැටියට නොදැක්ක ද රට වෙනුවෙන් අනිවාර්යෙන් එය කළයුතු දෙයක් ලෙස දකින බවත් ණය ප්‍රතිව්‍යුහගතකරණයට විරෝධය දක්වන පිරිස රට වර්තමානයේ පත්ව තිබෙන තත්වයට වගකිය යුතු බවත් ඒ මහතා කීය.
කොවිඩ් ව්‍යසනය නිසා රට වැසුවද වරින් වර රට විවෘත කරන්න කළ උත්සහයේදී රට වහන්න බලකළ මේ පිරිස සංචාර ව්‍යාපාරය ආරම්භ කරන්න ඉඩ නොදී උද්ඝෝෂණ කර කඩාකප්පල් කළ බව ද නීතිඥා සාගර කාරියවසම් මහතා වැඩි දුරටත් කීය.
බත්තරමුල්ලේ පිහිටි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (4) පැවති මාධ්‍ය හමුවේදී එම පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරකම් කරපු සල්ලි ටික රටට ගෙනාවා නම් හරිනේ...
සාගර, පළමුවෙන්ම, මෙම බංකොලොත් වීමට හේතුව සොයා බලන්න සහ වගකිව යුතු හෝ වගකිව යුත්තේ කවුද? පාලකයෝ හෝ චූදිතයෝ මේ විමසුමට බිය වෙති!
මේ හාල් කෑල්ල අතන මෙතන කියන දේවල් පත්තරේ දාලා මිනිස්සුන්ගේ ඔලුගෙඩි විනාශ කරන්න එපා...
පිස්සු පූසන්...