(සුජිත් හේවාජුලිගේ )
විදේශයන්ගෙන් ගත් ණය මුදල් හා ඒවායේ පොලිය ගෙවීමට කිසිදු ගැටළුවක් නැති බවත් මේ මාසය අවසානයේදී ඒ මුදල් ගෙවීමට රජය සියලු කටයුතු සූදානම් කර ඇති බවත් මුදල් ,ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
ශ්‍රී ලංකාවට ණය ගෙවා ගත නොහැකිව ඇතැයි විපක්ෂය ජාත්‍යන්තරයට නරක පණිවිඩයක් යවමින් සිටින බව පැවසූ මුදල් රාජ්‍ය ඇමැතිවරයා ඔවුන් ඒ කරන්නේ ඉතාම කැත වැඩක් බවද ප්‍රකාශ කළේය.
විපක්ෂය ඒ කතාව කියන්නේ මෙරටට ඒමට බලාපොරොත්තුවෙන් සිටින ආයෝජකයන් අධෛර්යමත් කිරීමට යැයිද ඔහු කීය.
විපක්ෂය මේ ප්‍රකාශ කරන්නේ අසත්‍ය කතාවක් බවත් වත්මන් රජය හැම ණය මුදලක්ම කලට වේලාවට ගෙවා ඇති බවත් කබ්රාල් මහතා පැවසුවේය.
කවුරු කුමක් පැවසුවත් ණය ගෙවීමට රජයට හැකියාව තිබෙන බව පැවසූ ඒ මහතා රටට එරෙහිව එවැනි ද්‍රෝහී ප්‍රකාශ කිරීමෙන් වළකින්නැයි තමා විපක්ෂයෙන් ඉල්ලා සිටින බවද සඳහන් කළේය.
කෙසේ වෙතත් ඩොලර් සොයා ගැනීමට කිසියම් ගැටලුවක් තිබෙන බව පිළිගන්නේ යැයිද පසුගිය රජය වත්මන් රජයට බාර දුන්නේ ඇමරිකානු ඩොලර් බිලියන හතක විදේශ සංචිතයක් පමණකැයිද ඔහු කීවේය.
කොවිඩ් වසංගතය හමුවේ ආර්ථිකමය වශයෙන් පීඩනයක් තිබෙන බවත් පීඩනයට මුහුණ දෙමින් රජය ඒ ගැටලුකාරී තත්වය කිසියම්වූ ආකාරයකට පාලනය කරගෙන ඇති බවත් අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය
අර්බුදයක් පවතිද්දී වාහන ආනයනය හැරෙන්නට අනෙක් සියලු කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවද මුදල් රාජ්‍ය ඇමැති වරයා ප්‍රකාශ කළේය.
රට සාමාන්‍ය තත්වයේ පැවති කාලයේදී සංචාරක කර්මාන්තයෙන් රුපියල් කෝටි 400කට වැඩි මුදලක් ලැබුණු බව කී කබ්රාල් මහතා දැනට එම ආදායම රුපියල් කෝටි 50ක් දක්වා පහත බැස ඇතැයිද අනාවරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රශ්නයක් නැති නම් හොදයි. ඔබතුමා කව්ද කියලා දන්න ජනතාවක් රටේ ඉන්නවා.
රටේ අවාසනාවට යක්ෂයා විසින් එවන ලද මොලයක් නැති කෙනෙක්. නොදෝමකින්...
ඒකද බංග්ලාදේශයෙන් සල්ලි ගන්නේ..?
ප්‍රශ්නයක් නැත්නම් ප්‍රශ්නයක් නැහැ. ඒත් අපට එහෙම දැනෙනවා. ඔබතුමා කිව්වේ ජීඑස්පී එක නැතත් ප්‍රශ්නයක් නැහැ කියලා... 2011 සංඛ්‍යා ලේඛන ටිකක් පෙන්නුවේ.. අන්න එහෙම එන්න.. අනෙක විපක්ෂය නොවෙයි, රට කරන්නේ ඔබතුමාලා.
ඔයාට ප්‍රශ්නයක් නෑ කියලා අපි දන්නවා..