(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනකට යාමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට දුෂණ මැඩලීම සඳහා ශක්තිමත් පියවර ගැනීමට සහ නීතියේ ආධිපත්‍ය සුරැකීමට ප්‍රතිසංස්කරණ හඳුන්වා දියයුතු බව ඇමෙරිකානු සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුව පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනකට යාම සඳහා ණය තිරසරභාවය සහ ආර්ථික ස්ථාවරත්වය නැවත ඇති කිරීම පමණක් ඉලක්ක කරගනිමින් ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම ප්‍රමාණවත් නොවන බව ඇමෙරිකානු සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුව ප්‍රකාශ කළේය.
එසේ වුවහොත් සිදුවන්නේ ශ්‍රී ලංකා ආර්ථිකය තවදුරටත් දුර්වල කළමනාකරණයට ලක්වීම සහ පාලනය කළ නොහැකි ණය ප්‍රමාණයකට ගොදුරු වීම පමණක් බව ඇමෙරිකානු සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍ය මහ බැංකුවට අදාල නැති වැඩ ටිකත් නවත්වන්න. 1. ඊපීඑෆ් 2. ණය කලමණාකරණය 3. විදේශ විනිමය නියාමනය 4. ප්‍රදේශිය සංවර්ධනය 5. මූල්‍ය බුද්ධි කරන්න අවශ්‍ය ටික විනිවිද භාවයකින් කරලා අදාල නැති වැඩ අයින් කළාම නිකම්ම ගොඩයන්න පුළුවන්. දැන් වෙලා තියෙන්නේ අපි හැමෝම ආර්ථික තුවාලේ ඕජස් ගලන හින්දා තැන්තැන් වල බැන්නාට මහ බැංකුව හරියට කළාද? නැද්ද? කියලා කවුරුවත් දන්නෙත් නෑ. කාටවත් නීතිය ඉදිරියේ ඔප්පු කරන්නත් බෑ.
ඒ කතාව නම් හරි... නැත්නම් එනඑන පක්ෂ මහ බැංකුවට තමන්ගේ හිතවතුන් ඔබලා රටම විනාශ කරනවා. අපේ රටේ ප්‍රධාන ආයතන විනාශ වෙන්න හේතුව ඒක තමයි..
ගෝඨාභය අස්වී රනිල් ජනපති කර AKD අගමැති කිරීම ජාත්‍යන්තර සහායද ලබාගෙන මේ වලෙන් ගොඩඒමට ඇති එකම මගයි...
මේ තරම් හොරකම් හෙළිවෙලත් සද්ද නැතිව ඉන්නවා. තව ණයදුන්නත් ඕක තමයි වෙන්නේ... දැන්වත් රජයේ මුදල් අවභාවිතා කරපු සියලු දෙනා නීතියේ රැහැනට කොටු කරන්න.
රනිල්ට ලේසි නෑ.
මෙරටට ණය දෙන ආයතන විසින් එම මුදල් මෙරට වියදම් කරන ආකාරය පිළිබඳ නිරන්තර දැඩි පසුවිපරමක් සිදුකර පාලනය කරන්න.
හරියට හරි... බැංකුවලට දාලා ඉන්නේ මේ සාටක දාගෙන රටම හොරාකන රාජපක්ෂලාගේ ඇම්බැට්ටයෝනේ... ඒ අය මේ රාජපක්ෂලාත් එක්ක එකතුවෙලා රටම හොරාකෑවා. තවමත් කමින් ඉන්නවා...
ඒ කියන්නේ ඡන්දයක් පවත්වා අඑත් ආණ්ඩුවක් හදන්න ඕනෑද?