(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වත්මන් දුෂ්කරතා මග හරවා ගැනීමට ධනාත්මක කාර්ය භාර්යයක් ඉටු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ණය හිමියන් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන චීනය සමග කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිංග් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළාය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජාත්‍යන්තර මූල්‍ය සහ ආර්ථික ආයතන සමග චීනයට දිගු කාලීන සමීප සබඳතාවයක් තිබෙන බව ඇය පෙන්වා දුන්නාය.
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දුෂ්කරතා සහ අභියෝග සම්බන්ධයෙන් චීනය ඉහළ අවධානයක් යොමු කරන බවත් ශ්‍රී ලංකාවේ ණය ප්‍රශ්නය නිසියාකාරව විසඳා ගැනීම සඳහා මූල්‍ය ආයතන වලට චීනය සහාය ලබා දෙන බවත් ඇය ප්‍රකාශ කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා මෙදාතුර සදා නොවෙනස් කලණ මිතුරා.