
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ද්වි පාර්ශ්වික ණය හිමියා ලෙස චීනය, මෙරටට ලබා දී ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් මූලික එකඟතාවයකට පැමිණි බව මුදල් අමාත්‍යංශය පැවසුවේය.
නිල ණය හිමියා ලෙස චීන අපනයන - ආනයන බැංකුව ශ්‍රී ලංකාව සමඟ මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ ප්‍රධාන ප්‍රතිපත්ති සහ කොන්දේසි සම්බන්ධයෙන් මූලික එකඟතාවයට පසුගියදා එළඹි බව මුදල් අමාත්‍යංශය පෙන්වා දුන්නේය.
එම බැංකුවට ගෙවීමට ඇති ණය වලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 4 ක් පමණ මෙම එකඟතාවයෙන් ආවරණය වන බව මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කළේය.මෙම එකඟතාවය හේතුවෙන් ශ්‍රී ලංකාවට ණය තිරසරභාවය ළඟා කරගැනීමට හැකියාව පවතින බවද මුදල් අමාත්‍යංශය පෙන්වා දුන්නේය.
මෙරට චීන ණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ චීන අපනයන - ආනයන බැංකුව පසුගිය සැප්තැම්බර් මස අවසානයේ මූලික එකඟතාවයකට පැමිණි බව චීන විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශක වැන්ග් වෙන්බින් මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මේ වගේ බොළඳ වාර්තා නිසා ජනතාව තවත් ගොබ්බ වෙනවා. මොකක්ද එකඟතාවය...? කොන්දේසි මොනවද කියලා දන්නේ නැතිනම් මේ වගේ කෝපි කඩේ ළඟ කතා වගේ ඒවා එපා. මේවා හොඳයි දේශපාලන ගැලරියට...