(සුජිත් හේවාජුලිගේ සහ නිමල කොඩිතුවක්කු)

වසරේ මේ දක්වා කාලයේදී   ඩෙංගු රෝගීන් 79,016 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි

එසේම මෙම කාලයේදී  සිදුව ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 57කි

සෞඛ්‍ය අංශවල දත්තවලට අනුව, ජූනි (21,534) සහ ජූලි (23,641) මාසවලදී ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇත.

ඒ අනුව 2026 වසරේ 29 වන සතිය වන විට අධි අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) බලප්‍රදේශ සංඛ්‍යාව 175ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 2,391ක් ලෙස සටහන් වේ.

එම වාර්තාවට අනුව ඊයේ (22) මධ්‍යම රාත්‍රිය වන විට මෙරට සමස්ත ඩෙංගු රෝගීන්ගෙන්  සියයට 52.84ක් එනම් 41,753 දෙනෙකු වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි.

ඊට අමතරව දකුණු පළාතෙන් රෝගීන් 12,041ක් ද  මධ්‍යම පළාතෙන් රෝගීන් 6,699ක්ද   වාර්තා වී තිබේ.