(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඩීසල් සහ භූමිතෙල් සියයට 18 ක වැට් බද්දෙන් නිදහස් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය.
වැට් බද්ද වැඩි කිරීමේ අවසන් තීරණය දෙසැම්බර් 10 වැනිදා ගැනීමට නියමිත බවත් භූමිතෙල් සහ ඩීසල් වැට් බද්දෙන් නිදහස් කිරීමට අවධානය යොමුවී ඇති බවත් අමාත්‍යවරයා කීවේය.
හම්බන්තොට ශ්‍රී ලංකාවේ දෙවැනි තෙල් පිරිපහදුව ඉදිකිරීම ලබන මාසයේ ආරම්භ කරන බවද ඔහු ප්‍රකාශ කළේය.
එසේම ප්‍රධාන විදුලි ව්‍යාපෘති හයක් ලබන මාසයේදී අවසන් කිරීමට බලාපොරොත්තු වන බව කංචන විජේසේකර මහතා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
810
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඩීසල් භූමිතෙල් වැට් බද්දෙන් නිදහස්
Bamunuarachchi Saturday, 25 November 2023 12:17 AM
ලොක්කා එතකොට බෙහෙත්? මහින්ද මහතා ජේෂ්ඨ පුරවැසියන්ට සීමාවකට යටත්ව 15% පොලී අනුපාතයක් දුන්නේ ඔවුන්ගේ සැන්දෑසමය බෙහෙත් වලින් ගත කරන නිසා ඒ බෙහෙත් ටිකවත් ගන්න ආධාරයක් වෙන ලෙසටයි තොපි කලේ ඒ මුදලත් ජේෂ්ඨ පුරවැසියන්ට නැතිකර වැට් බද්දකුත් ගැසීමයි. ඒ කරපු හෙනම ගහපන් කියා ඒ ජනතාවගේ කටවල් වලින් කීම හරිම සාධාරණයි නේද?
චාන්දනී Saturday, 25 November 2023 04:52 PM
මහින්ද මහත්තයා නෙවෙයි ඒක කලේ යහපාලන ආණ්ඩුව යටතේ රවී කරුණානායක මැතිතුමාගේ පළමු අයවැය මගින් කියලා ළදරුවෝ පවා දන්නවා... ඒක පිළිගන්නේ නැත්නම් බැංකුවකින් අහලා බලන්න කවුද හරි, කවුද වැරැදි කියලා... හැම එකටම ඔය මහින්ද මහත්තයා මුරුංගා අත්තේ තියලා එතුමගේ නහින දෙහින කාලේ එතුමාට අපහාස කරන්න එපා කියලා මතක් කරන්න කැමැතියි... ඔය අනුන් කළ දේවල් තමුන්ගේ හිතවතුන්ට පැවරීම නිසා තමයි බමුණෝ අපිටත් මහින්ද මහත්තයා එපාවෙලා තියෙන්නේ..
C.K.Lankaputhra Saturday, 25 November 2023 05:00 AM
ඒ කියන්නේ පෙට්‍රල් මිල තවත් වැඩිවෙනවා කියන එකනේ... හරි ශෝක්නේ අපිට. මීට වැඩිය හොඳයි.. අපිට වැට් බැද්දෙන් නිදහස් කරල වස ටිකක් විකුණන එක...!
අසාධාරණ Saturday, 25 November 2023 06:14 AM
ඒකෙනුත් පොඩි එකාලාට තමයි බඩේ පහර වදින්නේ ලොකු ලොක්කෝ පාවිච්චියට ගන්නා අධි සුඛෝපභෝගි වාහන ඩීසල් නේද ත්‍රීවීලර් හා කුඩා කාර් පාවිච්චියට ගන්නේ සාමාන්‍ය ජනතාව... යතුරුපැදි පදින්නේ සාමාන්‍ය ජනතාව. එහෙම බැලුවම කෙලින්නේම පොඩි එකාටම කියලා තමයි කියන්න වෙන්නේ..!
චන්දන Saturday, 25 November 2023 01:20 PM
හරිම සැපයි... මැති ඇමැතිලා පදින වාහන ඔක්කොම ඩීසල්... අහිංසක ජනතාව... මෝටර් සයිකල්... ත්‍රී වීලර් පදින්නේ. කාර් තියෙන අය අඩුයි. මේකට තාත්තාට වුණු දේ නොවුනොත්පුදුමයි...!
de silva berlin Saturday, 25 November 2023 02:02 PM
පෙට්‍රල් ලිටරේක මිලෙන් භාගයකට වැඩියෙන් තිබෙන්නේ විවිධාකාර බදු, එම බදු වලට තව 18% ක වැට්බද්දක් ගහන එක ඉතා අසාධාරණ ක්‍රියාවක් බව ඔබට නොතේරෙන්නේ කිමද? ලංකාවේ ඉන්ධන, විදුලිය සිංගප්පූරුවට සමාන තත්වයකට පැමිණ ඇත. නිෂ්පාදන වියදම ඉතා වැඩි නිසා දිනෙන් දින ව්‍යාපාර වැසෙමින් පවතින නිසා මිනිස්සුන්ට රැකියා අහිමිවන තත්වයක රට පවතින අවස්ථාවක පැට්‍රොල් මිල වැඩිකිරීම ඉතාමත් අනුවණ ක්‍රියාවකි.
ෆ්‍රැන්සිස්කෝ Sunday, 26 November 2023 06:00 AM
සාධාරණ අසාධාරණ තේරුම්ගන්න මොළයක් නැතුව මොනවා කරන්නද. යන යකා කොරහත් බිදගෙන යනවා කියනවා වගේ මුන්දැල ඔක්කොමලා ඊළඟ වතාවේ ජනතා මනාපය නැමති සුනාමියට හසුවෙලා තොලොංචිවෙලා යනවා යනවාමයි