(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඩීසල් යැයි පවසමින් මතුපිටින් ඩීසල් යොදා වතුර ලිටර් 20 බැගින් පිරවූ ප්ලාස්ටික් බූලි තුනක් ලබාදී රුපියල් 24000 මුදලක් වංචා කළ පුද්ගලයන් දෙදෙනා අල්ලාගෙන බණ්ඩාරගම පොලිසියට භාරදීමට තරුණයෝ දෙදෙනෙක් පියවර ගත්හ.
කුඩා ලොරි රථයකින් වෙළෙඳසල්වලට භාණ්ඩ බෙදාහැරීමේ නිරත , තරුණයන දෙනකු අද පෙරවරුවේ බණ්ඩාරගම රයිගම හන්දියෙ වෙළෙඳ සලක් අසල ලොරි රථය නවතාගෙන සිටියදී ඔහුන් අසලට යතුරුපැදියකින් ප්ලාස්ටික් බූලියක් රැගෙන පැමින සැකකරුවන් දෙදෙනා ඩීසල් ලිටර් 20 ක් තිබෙනවා ඕන දැයි විමසා ඇත.
එම අවස්ථාවේදී එම තරුණයකුට ඊයේ රාත්‍රී විද්‍යුත් නාලිකාවල විකාශනය වූ ඩීසල් යැයි කියා වතුර ලබා දී සිදුකළ මුදල් වංචාව මතකයට නැගී ඇත
සැකකරුවන් දෙදෙනාගෙන් මදක් ඈතට ගිය තරුණයන් දෙදෙනා වූ ඩීසල් වංචාව පිළිබඳ ක්ෂණිකව සාකච්ඡා කර එම වංචාව සිදුකර තිබෙන්නේ මොහුන් දෙදෙනා බවට සැක පහල කර ,ඒවා මිලදී ගන්නා මුවාවෙන් ප්ලාස්ටික් භූලියේ තිබූ දෑ ඉවත දැමීමට කටයුතු කිරීමේ දී ඒවා වතුර බවට තහවුරු වීමත් සමගම සැකකරුවන් දෙදෙනා අල්ලා ගෙන ඔවුන් පැමිණි යතුරු පැදියෙ යතුරු ද ඔවුන් භාරයට ගැනීමට සමත් වී ඇත
එම අවස්ථාවේ දී එම මාර්ගයේ ගමන් ගත් පොලිස් නිල රථයක් දුටු තරුණයන් දෙදෙනා වහා එය නතර කර එහි සිටි සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න මහතාට මේ බව පවසා ඇත
වහා ක්‍රියාත්මක වූ සහකාර පොලිස් අධිකාරීවරයා ඒ බව බණ්ඩාරගම පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව ඔවුන් පැමිණ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තරුණයින් දෙන්නා කරලා තියෙන්නේ ආදර්ශමත් ක්‍රියාවක්නේ..
මුදා හරින්නේපා. මොවුන්ගේ වෘෂණ වලට දඬුවම් කරන්න
තරුණයන් දෙදෙනා මෙන් අනෙක් පුරවැසියන් ද සිහි බුද්ධියෙන් සහ සමාජ හිතෙෙශී අන්දමින් ක්‍රියා කරන්නේනම්, මෙම රටේ අනාගතය සුබදායී කර ගත හැක. තරුණයන් දෙදෙනාටත්, පොලිස් නිලධාරින්ටත් ප්‍රණාමය!