(යොහාන් භාසුර)
ඩීසල් මිල පහළ දැමීමට සාපේක්‍ෂව බස් ගාස්තු පහත නොදමන බවත් රුපියල් 10 කින් ඩීසල් ලීටරයක් අඩු කිරීම බස් ගාස්තු පහත දැමීමට ප්‍රතිශතයක් ලෙස ප්‍රමාණවත් නොවන බවත් ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
මීට පෙර අවස්ථාවේදී රුපියල් 10 කින් ඩීසල් ලීටරයක මිල ඉහළ දැමූ අවස්ථාවේදී බස් ගාස්තු ඉහළ නොදැමූ බව කී එම නිලධාරියා බස් ගාස්තු සංශෝධනය කිරීමට මිලේ වෙනස සියයට 4 ක් වඩා වැඩිවිය යුතු බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල් දහයකින් ඩීසල් අඩුකලාම බස් ගාස්තු අඩුකරන්න බැහැ කියලා කවුරුත් දන්නවා. ඒත් මම කියන මාර්ගයේ බස් ගාස්තු ගැන සලකා බලන්න ඕන. මාර්ග අංක 600 මාර්ගයේ සම්පූර්ණ දුර කිලෝමීටර් 15 ට අඩුයි. එම මාර්ගය සම්බන්ධ සුලු නගර දෙක අතර මාර්ග දෙකකින් බස් ධාවනය වෙනවා. දුර මාර්ගයේ බස් ගාස්තු අඩුයි. කෙටි මාර්ගයේ ගාස්තු වැඩියි. උදාහරණයක් හැටියට කෙටි මාර්ගය හෙවත් අංක 600 මාර්ගයේ කි මී අටක් හෝ අට හමාරක දුරට ගාස්තුව රුපියල් එකසිය දහයක් (110) වෙද්දී ලංගම බසයෙන් ගියාම ගෙවීමට වන්නේ රුපියල් 92 ක් පමණයි. කොපමණ අසාධාරණ වැඩක්ද.ඒ වගේම බිලියන ගණනක් වියදම් කර කාපට් කර සංවර්ධනය කල මේ මාර්ගයේ දුරගමන් සේවා බස් ධාවනය කරන්න ඉඩක් වැඩිගාස්තු අයකරන පුද්ගලික බස්තියන්ලා ඉඩක් දෙන්නෙ නැහැ ඒ ගැනත් අවධානයට ගැනීම හොදයි. මෙම මාර්ගයේ කලවාන අයගම ඉඩංගොඩ හිදුරංගල ඇහැලියගොඩ හරහා කොළඹට කෑගල්ල හෝ මහනුවර දක්වාත් පානදුර හොරන ඉංගිරිය ඉඩංගොඩ හිදුරංගල ඇහැලියගොඩ හරහා කෑගල්ල හා මහනුවර බස් සේවයක් ගාල්ලේ සිට අලුත්ගම බුලත්සිංහල ඉංගිරිය ඉඩංගොඩ හිදුරංගල ඇහැලියගොඩ හරහා මහනුවර බස් සේවයක් අරඹන්න පුළුවන් කියලා හිතෙනව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ අවධානයට යොමුවේවා.
ඒක ඇත්ත රුපියල් 10ක් අඩුකරලා මොන ගණනක් අඩුකරන්නද?