IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඩොල්ෆින් නුවනින් කකුළු දිවි බේරෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

බටහිර ඕස්‌ට්‍රේලියාවේ කකුළුවන් අල්ලා ගැනීම සඳහා පුද්ගලයන් මුහුදට දමන කකුළු උගුල්වල තිබෙන ඇම ඩොල්ෆින් මත්ස්‍යයින් කණ්ඩායමක් බුද්ධිමත් ලෙස සොරකම් කරන අයුරු ප්‍රථම වරට මුහුද යට කැමරාවලට හසු වී ඇත.

මේ වනවිට එම උගුල් මුහුදට දමන පුද්ගලයන්ගේ බුද්ධිය අභිබවා යාමට ඩොල්ෆින් මත්ස්‍යයින් සමත් වී ඇතැයි වනජීවී සංරක්ෂකයන් පවසයි.පර්ත් නගරයට කිලෝමීටර් 160 දකුණින් කූඹානා බොක්කට ඔබ්බෙන්  මුහුදේ ඩොල්ෆින් මත්ස්‍යයින් මෙලෙස සොරකමේ යෙදෙන බව පැවැසෙයි.

කකුළු උගුල් වල අමුණා දමන ඇම ඩොල්ෆින් මත්ස්‍යයින් බුද්ධිමත් ලෙස දිග නහය දමා කොක්කෙන් වෙන් කර ගන්නා අයුරු මෙලෙස රූප රාමුවලට හසුවී ඇත.මෙම සොරකම වැළැක්වීම සඳහා කකුළු උගුළු වලට යටකර සහ පෙට්ටි වල දමා ඇම දැමීමට කකුළුවන් අල්ලන පුද්ගලයන් කටයුතු කර ඇතත් ඩොල්ෆින් මත්ස්‍යයින් කකුළු උගුල් පෙරළා දමා සහ පෙට්ටි විවෘත කර ඇම සොරා ගැනීමට ඉතාමත් ඉක්මණින් ඉගෙන ගෙන තිබෙන බව විශේෂඥයන් පවසයි.එහිදී ඩොල්ෆින් මත්ස්‍යයින් එකම අයුරින් කකුළු උගුල් විවෘත කර නොගන්නා බවද හෙළි වී ඇත.

ඩොල්ෆින් මත්ස්‍යයින්ගේ මෙම හැසිරීම මීට වසර දෙකකට පෙර වනජීවී සංරක්‍ෂක රොඩ්නි පීටර්සන් දැක ඇති අතර එහිදී ඩොල්ෆින් මත්ස්‍යයින් එම උගුල්වල පැටලේ යැයි සහ ඇමට තිබෙන මත්ස්‍යයින් කා ලෙඩ වේ යැයි බියෙන් බන්බරි නගරයේ ඩොල්ෆින් මධ්‍යස්ථානයට දැනුම් දී තිබේ.එහිදී එම සතුන්ගේ ක්‍රියාවන් පටිගත කිරීම සඳහා කැමරා 5 ක් මුහුද යට සවිකර ඇත.එම කැමරා වලට ඩොල්ෆින් සතුන්ගේ මෙම සොරකම හසුවී තිබේ.



අදහස් (2)

ඩොල්ෆින් නුවනින් කකුළු දිවි බේරෙයි

Nuwan kodithuwakku Saturday, 25 November 2023 04:33 PM

ලොකයේ සිටින බුද්දිමත් සත්වයා...!

:       0       8

Bamunuarachchi Saturday, 25 November 2023 05:04 PM

බැරිද ඩොල්ෆින් මොළ අපේ දේශපාලකයින්ට බද්ද කරන්න...?

:       3       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 810 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site