(යොහාන් භාසුර)
ඩිලිවරි සේවා ආයතන මගින් පාරිභෝගිකයාගෙන් අධික මිල ගණන් අය කිරිම පිළිබඳව ලැබුණු පැමිණිලි හේතුවෙන් එම සේවාව නියාමනය කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා උපදෙස්දී තිබේ.
ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඩිලිවරි සේවා ආයතන ලියාපදිංචි කිරීම සහ මිල නියාමනය කරන බවත් එම ආයතන අයකරන කොමිස් සහ ප්‍රවාහන ගාස්තු පාලනය කරන බවත් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකාවේ වර්තමානයේ ක්‍රියාත්මක වන ප්‍රධානම ඩිලිවරි සේවා ආයතන දෙක සමග ද පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය මේ පිලිබඳව පසුගියදා සාකච්ඡා කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාල් මිල පාලනයක් කරගන්න බැරි ඇමතිවරු.. ජනතාවට සුරංගනා කතා කියමින් තවත් අන්දන බවයි පෙනෙන්නේ... හාල්මිල පාලනය කරන්න දුන්නෙත් ඔය පාරිභෝගික සේවා අධිකාරියටම නේද? දැන්නම් රටේ ජනතාවගේ නහය ළඟටම ගිලිලයි තිබෙන්නේ... ජනතාවගේ ජීවන බර ගැන අවංකව බැලුවොත් හොඳයි...
දේශපාලන කාක්කන්ට වඩා නම් හොඳයි!!!
අනේ ඔහෙලගේ උපදෙස්, දියවන්නාවට වැදිලා, කකා බිබී තඩි වාහනවල නැගලා සැප ගනිල්ලා.. ඔක්කොම අවුරුදු 73යි කෙරුවේ ඔය කෙරුවාව... වැහි නැති හෙන වදින්න ඕනෑ...
අනේ නිකම් යන්න මහත්තයෝ.., අහිංසක මිනිස්සුන්ට බොරු චෝදනා නොකර? ඔවුන් ඔවුන්ගේ රාජකාරිය අවංකව ඉටු කරනවා. අපි ඇනවුම් කල බඩු නියමිත මිලටම හා ඒ ප්‍රමාණය කිසිම අඩුවක් නැතිව අදාළ බිල්පත සමග අපට ලැබෙනවා. හැබැයි අර රජයේ සතොස කියන ආයතනයෙන් බිල්පත් නිකුත් නොකර බඩු විකුණන බව ඔබතුමාලා දන්නවද? අහිංසක පාරිභෝගික ජනතාව සූරාකමින් සිටින සතොස ගැන සොයා බලන්න.
අපේ රටේ පාරිභෝගිකයින්ව ආරක්ෂා කරන්න නීති තිබුණට ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දියවන්නාවේ ඉඳන් බයිලා ගැහුවට වැඩක් නැහැ. මෙවැනි කතා නාට්‍ය විතරයි. රටේ බඩුවල මිල පාලනයක් තිබිය යුතුයි. එන එන අයට ඕනෑ විදිහට තමයි මිලගණන් දාන්නේ. හරි ක්‍රමයක් සහ හරි නියාමනයක් නැහැ. ඒකයි මේ මහජනයා හූරන් කන්නේ. ඇත්තම හේතුව තමයි 225 තමන්ගේ වැඩේ හරියට නොකරන එක...