IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඩොලරය රුපියල් 302කට බසියි

(යොහාන් භාසුර)

ඇමරිකානු ඩොලරයේ ගැණුම් මිල අද (11) දිනයේ රුපියල් 302.6227 ක් දක්වා පහත වැටී ඇතැයි වාණිජ බැංකු ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය.

මෙරට වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල අද දිනයේ රුපියල් 311.9825 ක් බවට පත්ව ඇති බව ද මහ බැංකුව කීය.  



අදහස් (9)

ඩොලරය රුපියල් 302කට බසියි

Muthu Monday, 11 March 2024 05:12 PM

ලෝක බැංකු ගණනයට අනුව ලංකාවේ ද.දේ.නි. වර්ධනය 2022 ඍන 7.8, 2023 ඍන 3.8, 2024 පුරෝකතනයත් එච්චර හොඳ නෑ. අපිට තාම තියෙන්නේ වර්ධනය නොවන ඍන ආර්ථිකයක්. කර්මාන්ත 300 කට වැඩිය වැහිලා. නය බර නිසා කොම්පැණි දහස් ගානක දේපල බැංකු වලට සින්න වෙලා. රක්ෂා ලක්ෂ ගණන් නැති වෙලා. මුල්‍ය අරමුදලට අනුව 65% ඉන්නේ බඩගින්නේ. එක බැඳුම් කරයක්වත් විකුනුනේ නැත්නම් ඒ ටිකවත් කන්න නෑ කියලා බන්දුල ගුණවර්ධන කියනවා. එතකොට ලංකාව කොහේද තියෙන්නේ...? මේ හැදීගෙන යන්නේ ඩොලර් බෝම්බයක් නොවේද? ඊළඟ එන ආණ්ඩුවට මේ බොම්බේ පාස් කරන්න තමයි සැලසුම. රට ගැන හිතන එක මිනිහෙක්වත් ආණ්ඩුවේ නැද්ද? කීප දෙනෙක්ගේ බලතන්හාව නිසා විනාශ වෙමින් පවතින රටක් නේද ලංකාව...?

:       15       51

රනේTuesday, 12 March 2024 05:43 AM

හරියට තේරුම් ගන්න. කර්මාන්ත 300 කියන්නේ වර්ග 300 කියන එක... ආයතන වශයෙන් 250000 කට වඩා වැහිලා...

:       0       0

Bamunuarachchi Tuesday, 12 March 2024 09:36 PM

ඈ මතු රට ගැන හිතන්න ඕනේ පවතින ආණ්ඩුව විතරද? විපක්ෂ කරන්න ඕනේ කකුලෙන් අදින එක විතරයිද? කිසිම දෙයක් කඩාවටුන ඉක්මනින් ගොඩ නගන්න බැහැ කියලා වැල්වටාරම් ලියන ඔබ දන්නේ නැද්ද? 1977සිට වැටුන රට ගොඩගන්නයි රනිල් සියළුම දෙනාට ආරාධනා කලේ? ගොඩ ගන්න එකතුවෙනවාට වෙනුවට සජබය හා ජ්ජබය නැතිනම් NPP කරන්නේ කකුල් මාට්ටු දැමීමයි. රනිල් ගේ වැඩ ඔක්කොම හොඳයි කියනවා නොවෙයි. බලයට කෑදර කම නොවෙයි රටට ආදරේ තිබෙනවානම් රජය හා එකතුවී කෙරෙන වැරදි පෙන්වාදී රට ගොඩ ගැනීමයි විරුද්ද පක්ෂය කල යුත්තේ. විපක්ෂ ඌරෝ කැකුණ තලනකොට හම්බ, දෙමළ කුකුළන්ට රජ මගුල් බව සුමන්තිරන් එකතු වීමෙන් පෙනෙනවා.

:       0       0

විජිත් Monday, 11 March 2024 05:48 PM

මේ මහා ආර්ථික ප්‍රශ්න ගොඩක මුල වගෙයි මට නම් වැටහෙන්නේ. අනිවාර්යයෙන්ම රජයේ බලපෑමක් නිසා මහ බැංකුවෙන් කරපු උප්පරවැට්ටියක්...!!!

:       15       36

බද්රානි Monday, 11 March 2024 09:48 PM

ඩොලර් හෝ වෙනත් විදේශ විනිමය උපයන්නන් හිඟමනට පත්කොට ඩොලර් කාබාසිනියා කරන්නන් පොහොසත් කරන ආර්ථික දියුණුව නම් මාරයි... ණය නොගෙවන තාක්කල්, රත්වෙන දිය හැලියේ කකුළුවෝ බඩ පිනුම් ගහයි... මම අහන්නේ ඩොලරයට සාපේක්ෂව මොන ආනයන භාණ්ඩයේද ලංකාවේ මිල අඩුවෙලා තියෙන්නේ..? බඩ ගින්නේ හිටියත් ඩොලරය පල්ලහාට වැටිලා රුපියල ඉහළ යනවා කියන්නේ මාරම චුං එකක් හිතට දැනෙනවා නේද..?

:       0       0

රනේ Tuesday, 12 March 2024 05:44 AM

මේ සූදුවෙන් රට මුදවා ගන්න පෙරට එන්න.

:       0       0

Chandima Tuesday, 12 March 2024 06:00 AM

මහබැංකුවේ කට්ටියටත් කැමැති විදිහට බෙදාගන්න ඇරලා මොකක්හරි ජල්තරයක් තමයි මේ කරන්නේ...

:       0       0

චන්දන Tuesday, 12 March 2024 08:43 AM

මේ වැඩේ මීට කලිනුත් කළා. මේ වගේ ඇස්බැන්දුම් නිසා තමයි රටටම කෙලවුනේ. ජනතාවගෙන් ඉල්ලන්නේ මේ ප්‍රෝ‍ඩාවලට රැවටෙන්න එපා කියලා... ඡන්දේ නිසා ඉදිරියට තව දේවල් සිද්ධ වේවි. මේ වගේ අමනෝඥ දේශපාලන තීන්දු ගැනීම වහාම නතර කළ යුතුයි.

:       0       0

duminda Tuesday, 12 March 2024 10:40 AM

මතකනේ ඩොලර් එකේ 190 ගණන්වල හිර කරගෙන නටපු නාඩගම...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site