ප්‍රධාන පෙළේ වාණිජ බැංකු වල සහ රාජ්‍ය බැංකු කිහිපයක ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 348 ලෙස අද(26) සටහන් විය.
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල මෙරට ඉතිහාසයේ මෙතරම් අගයකට පහළ වැටුණු පළමු අවස්ථාව මෙය වේ.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (25) නිකුත් කළ දෛනික විදේශ විනිමය අනුපාතවලට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 333.88 ක් වූ අතර විකුණුම් අනුපාතය රුපියල් 346.49 ක් විය.
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර බැංකුවක අද දින යාවත්කාලීන කළ විදේශ විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 355 ලෙස සටහන් විය.
(විමුක්ති එස් රුද්‍රිගු )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd