IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඩොලර් හිගය පියවන්න පැන්ඩෝරා මුදල් ගෙන්ව ගන්න

(නිමල කොඩිතුවක්කු)

ඖෂධ හිගයට ප්‍රධානම හේතුව වි ඇත්තේ ඩොලර් හිගය බැවින් පැන්ඩෝරා පත්‍රිකාවල සදහන් ව තිබෙන රටට අහිමිව ඇති කෝටි ප්‍රකෝටි ගණනින් වන ඩොලර් ගෙන්වා ගැනීම ඒ සඳහා ඇති  හොඳම විසදුම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද (26) පැවසීය.

මේ තුළින් ඖෂධ හිගය මෙන් ම රටේ ඩොලර් අර්බුධයටත් විසදුමක් ලැබෙන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

එසේ නොමැතිව චීනයෙන් ඉන්දියාවෙන් ඇමෙරිකාවෙන් සහ යුරෝපා හවුලෙන් ණය ලබා ගැනීම ගැටලුවට විසදුම නොවන බවත් ඖෂධ ශාලා හිමියන්ගේ සංගමය, ඔසුහල් සහයකයින්ගේ සංගමය ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති ජාතික මහජන සභාවට එක්වෙමින් ඔහු පැවසීය.

හොරා කෑ රාජ්‍ය සම්පත් සහ රාජ්‍ය දේපල ලබා ගත යුතු වුවත් වත්මන් රජය ඒ වෙනුවෙන් කටයුතු කිරීම පිලිබඳ විශ්වාසය තැබිය නොහැකි බවත් විපක්ෂ නායකවරයා සදහන් කළේය.

ඉදිරි සමගි ජන බලවේග රජයක් යටතේ හොරා කන ලද සියලු මුදල් පැහැදිලි විනිවිධභාවයකින් යුක්තව නිසි වගකීමකින් යුතුව නැවත අත්පත් කර ගන්නා බවත් ප්‍රේමදාස මහතා කීවේය.



අදහස් (12)

ඩොලර් හිගය පියවන්න පැන්ඩෝරා මුදල් ගෙන්ව ගන්න

de silva Wednesday, 26 October 2022 04:05 PM

ඉදිරි ආණ්ඩු එනකම් ඉන්න බැහැ. ආවත් ඔය ගොල්ලෝ පොරොන්දු වෙන එක කරයි කියලා අපට බලාපොරොත්තුවක් නැහැ. පසුගිය කාලයේ කෝප් එකේන් සහ වෙනත් මාර්ග වලනි ්හෙළි වෙන වංචා දූෂණ ගැන නඩු අහන්න දඬුවම් කරන්න එකවර නඩු 10 පමණ අසන්න පුළුවන් මූල්‍ය අපරාධ සහ වංචා සඳහා වෙනම විශේෂ අධිකරණයක් ස්ථාපති කරන්න. පෞද්ගලික මන්ත්‍රී යෝජනවක් ලෙසින් හෝ ඉදිරිපත් කරන්න. මෙම කරුණට අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ සහ අනෙකුත් දේශපාලන පක්ෂය සහ සිවිල් සංවිධානවල සහාය පතන්න. රටේ ආර්ථික ප්‍රශ්න වලින් 50% ක් ලබන අවුරුද්ද තුළ විසඳන්න පුළුවන්. මේක කෙලින්ම උද්ඝෝෂණ සටන් පාඨයක් කර ගන්න. ගෝටා ගෝ, රනිල් ගෝ, ආණ්ඩු ගෝ කියමින් සිටියට රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. රටේ විපක්ෂ නායක ලෙස මෙවැනි තීරණ අරන් ප්‍රතිඵල පෙන්නුවොත් ජනතාව ඔබව ජනාධිපති කරාවි. නැත්නම් ෂුවර් නෑ,

:       0       10

යෝගා Wednesday, 26 October 2022 04:30 PM

නරකද ඉස්සෙල්ලාම තාත්තගේ කාලේ මන්දිරයෙන් උස්සපු කෝටි ගණන් වටිනා මැණික්, පෞරාණික වස්තු රිටර්න් කරලා හිටියොත්.

:       5       20

ප්‍රියම්බිකාWednesday, 26 October 2022 05:09 PM

මොහු ලංකාවේ දේශපාලනයට නුසුදුසුම කෙනෙක් බව මේ කියන කතාවලින් රටටම අවබෝධවෙලා තියෙන බව මොහුගේ ප්‍රියම්බිකාටවත් මොහුට කියලා දෙන්නේ නැද්ද..??

:       3       21

Deepal Wednesday, 26 October 2022 04:36 PM

ඇයි අර තාත්තා ලැවරිය විකුණලා ගොගහපු ටිකකුත් දෙමුද?

:       7       17

BamunuarachchiWednesday, 26 October 2022 05:05 PM

ඇයි අම්මා පුරසඳ හෝටලේ අයිස්ක්‍රීම් විකුනලා ගෙනාපු ටික.

:       9       15

Bamunuarachchi Wednesday, 26 October 2022 05:03 PM

කාටද මේ කියන්නේ පුටින් ටද? ඔහෙලගෙ කෙරුවාවල් ගැන ජේවීපී නලින් හේවගේ පොත් පෙන්න පෙන්න කියනවා. රට කන්දරාවක අද දැම්මේ බිලියන ගණනක වාහන කන්දරාවක් රටට ගෙන්වලා අන්තිමට මහා බැංකුවත් කොල්ලකාපු හැටි ශාක්ෂි ඇතිව නලින් හේවගේ වාද වැඩසටහනකදී කියනවා. එනිසා කොහෙවත් ඉන්න නයි අස්සේ දාගන්නේ නැතුව පරිස්සම් උනොත් හොඳයි.

:       10       14

Rasika Wednesday, 26 October 2022 05:56 PM

ඕවා ගැලරියට කියන කතා. මෝඩ චූන් දෙන්න එපා. කටවහගෙන ඉන්න..

:       4       19

Prabha Wednesday, 26 October 2022 07:25 PM

ජීවිත කාලයටම රැකියාවක් නොකර සැපට ඉන්න විදිහ අනේ අපිටත් කියලා දෙන්නකෝ...!

:       4       9

SaththayaWednesday, 26 October 2022 10:25 PM

ඇයි මොනතරම් මහන්සි වුනාද හාරන්න . ඒක ලේසි පහසු පුරුද්දක්ද ? හැමෝටම බැහැ.. මේ තරම් අහිංසකයෙක් තවත් නැහැ .

:       2       7

fairoos Wednesday, 26 October 2022 07:58 PM

උඩ අදහස් ලියන එකට ලයික් දාන බයි වහල්ලු තාමත් මේ රටේ ඉන්නවනේ. නන්දසේන කරපු එක හොඳ වැඩක් පුළුන්නම් කියන්. කොච්චර හොඳට තිබුණ රටද අද මේ තත්ත්වෙට වැට්ටෙව්වෙ.

:       10       2

junaid nanaThursday, 27 October 2022 07:28 AM

I.S.I.S. කාරයා ආයෙම ෆෝම් වෙලා. කට වහං හිටහං fairoos ගොයියෝ..

:       0       0

BamunuarachchiThursday, 27 October 2022 07:44 AM

ආ බොල රටට හොඳට තිබුනේ කොයිකාලේද? ඈ බෝල රටට හොඳට තිබුන නිසාද රු 35ට තිබුන LP ගෑස් කාන් එක රු 5500 උනේ රුපිය 7 තිබුන ඩොලරය රුපියල් 371 උනේ. රට හොඳට තිබුනේ 1977ට කලින්. එතකොට ඔබ හිටියේ තාත්තා ගාව. නන්දසේනකරපු හොඳ දේ තමයි රටට තව ණය බර නොදී රටේ උපද්දපු සල්ලිවලින් නය වාරිකය ගෙවා රට ගෙනියන්න සුදානම් වෙච්ච එක. එකට හරස්වුණේ කොරෝනාව.. උඹ ඉපදිලාවත් නැතිකාලෙක 1970 ගනන්වලත් අපිට මෙහෙම අමාරු කාලයක් තිබුනා. ඒත් රට ණයකලේ නැහැ. රට ණය කලේ 2014-2020 කාලේ ට්‍රිලියන 7 නය අරගෙන , හරක් මස කඩ කාරයෝ කෘෂි කර්මාන්තය කොරන්න ගත්ත නිසයි.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site