
(යොහාන් භාසුර)
මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම පසුගිය 2023 මැයි මාසය වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 3,483 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංංකුව පවසයි.
එම සංචිත වත්කම් ඉහළ යෑමේ ප්‍රතිශතය පසුගිය අප්‍රේල් මාසයට සාපේක්‍ෂව සියයට 26.2 ක් බව කියන මහ බැංකුව අප්‍රේල් මාසයේ ඩොලර් වත්කම් ප්‍රමාණය මිලියන 2,761 ක් බව ද සඳහන් කළේය.
නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය මැයි මාසය තුළදී සියයට 27.9 කින් ඉහළ ගොස් ඇති බව ද මහ බැංකුව කියයි.
චීන මහජන බැංකුව පිරිනැමූ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක විදේශ විනිමය හුවමාරු පහසුකම් ලැබීම් ද මෙම සංචිතවලට ඇතුළත් බව ද මහ බැංකුව වැඩි දුරටත් සදඟන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්‍රේල් මාසයට සාපේක්ෂව මැයි මාසයේ සියයට 27.9 කින්ම සංචිත වැඩි වුනේ රටවිරු රැල අවුරුදු කන්න මුදල් එව්වාට වඩා වෙසක් එකට දන්සල් දෙන්න මුදල් එවලා වගෙයි...? රට විරුවන්ගේ විදේශ මුදලට නිසි රුපියල් වටිනාකමක් නොදී, රජය ඒ ලබන ලාභයෙන් සොච්චම් මිල අඩුකිරීමකින් ජනතාව රවටන ක්‍රමයක් තමයි මේ සිදුකරන්නේ... අවසානයේ දේශප්‍රේමී රටවිරුවන් හිඟන්නන් බවට පත්කොට රජයට හිතවත් මහාපරිමාණ ආනයන කරුවන්ට පමණක් ඩොලරයේ අගය අඩුවීමේ වාසිය ලබාදෙනවා. රටට විදේශ විනිමය ගෙනෙන අපනයන කරුවන්ට යන එන මන් නැති වෙනවා. මොනවා වුණත් ලංකාවේ මෝඩයෝ, කනවා වෙනුවට, ලෙවකමින් රටට පේන්න උජාරුවෙන් ජීවත් වෙනවා. මිරිස් ගුලියකට බත් හැලියක් ගිල්ලාම දැනෙන ජාතික අභිමානයට බඩ කට හොඳට පිරෙනවනේ නේද? ඔහොම යං..!
කබ්රාලුත් කලේ ඩොලර් ගේම් එකක් තමා. ආර්ථික වර්නධනයක් නැතිව රුපියල වැඩි වෙනවා කියන්නෙ පුදුම වැඩක්.
දැන් සල්ලි තිබෙන නිසා චන්දෙ තියන්න
සරලයි, මගේ ගිණුමේ රුපියල් 3483/- කි තිබේ. ඒකෙන් රුපියල් 1400/-ක්ම චීනේ ඉන්න යාලුවෙක්ගෙන් ණයට ඉල්ලා ගත්තේ ඉතිං. අපි තමයි හොඳටම කළේ...
කොහොමහරි බංග්ලාදේශයේ ණය වාරිකේ ගෙවලා ලැජ්ජාවෙන් බේරෙන්නවත් සංචිත ටික පොඩ්ඩ පොඩ්ඩ එකතුකර ගන්න පුළුවන්ද?