(සුජිත් හේවාජුලිගේ)
ලංකා නැව් සංස්ථාව 2022 වසරේදී රුපියල් කෝටි 932කට වැඩි පාඩුවක් ලබා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
සංස්ථාව පසුගිය වසරේදී ලබාගත් ණය රුපියල්වලට පරිවර්තනය කිරීමේදී රුපියල් කෝටි 608ක විනිමය පාඩුවක් සිදුව ඇතැයි අවසන එම වාර්තාව සමස්ත අලාභයට ප්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේද එම කාරණය බව සඳහන් කරයි.
මෙම තත්වය සමනය කරගැනීම සඳහා එහි මහ සභා රැස්වීමකදී 2021 වර්ෂයේදී යෝජනාවක් ඉදිරිපත් කර තිබුණද එය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
තවද සංස්ථාවේ ශුද්ධ වත්කම් වල වටිනාකම කෝටි හත්සිය අනූ එකක් වශයෙන් සෘණ අගයක් ගෙන තිබූ බවත් සමාගම ක්‍රියාත්මකවීමේදී භෞතික විෂය අංග පිළිබඳව අවිනිශ්චිතතාවක් පවතින බවත් වාර්තාවේ සඳහන් වේ. ඊට කලින් වසර හා සැසඳීමේදී එම අගය සියයට 287.65කින් පමණ වැඩිවීමකි.
මේ අතර ලංකා නැව් සංස්ථාව හරහා භාණ්ඩ ආනයනයද පහත වැටී ඇතැයි පෙන්වා දෙන එම කාර්යාලය එය සමස්ත ආනයනවලින් සියයට 4.1 ක් බවද සඳහන් කරයි.
මේ තොරතුරු සඳහන් වන්නේ ලංකා නැව් සංස්ථාවේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදේශිය මුදල් හුවමාරුවෙන් පමනක් කොටිපතියන් ඉන්න රටක විදේශිය මුදල් හුවමාරුවෙන් පාඩු ලබනවානම් කොහේ හරි නොකටයුත්තක් වෙනවා නේද? අනේ ඒ් ගැනනම් පොඩ්ඩක් විපරම් කලානම්.