
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග මෙරට ඩොලර් බැඳුම්කර අගය පහත ගොස් ඇතැයි බ්ලුම්බර්ග් පුවත් සේවය ප්‍රකාශ කළේය.
එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදී ආධාර වැඩසටහන මෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකිරීම සඳහා එළැඹ ඇති ගිවිසුම්ද අනුර කුමාර දිසානායක මහතා ලද ජයග්‍රහණයත් සමග අවදානමට ලක්ව ඇතැයි එම පුවත් සේවය පැවැසුවේය.
මෙරට බැඳුම්කර ඩොලරයට සාපේක්ෂව අද (23) ශත 3.1 කින් පහත ගොස් ඇති බවත් එය වසර දෙකක පමණ කාලයකදී සිදුවූ විශාලතම පහළ යෑම බවත් බ්ලුම්බර්ග් පුවත් සේවය ප්‍රකාශ කළේය.
කෙසේ නමුත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සහාය අවශ්‍ය බවත් තම රජය සියලු දෙනා සමග එක්ව කටයුතු කිරීමට සුදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කිරීමත් සමග රුපියල් ශක්තිමත්වී තිබෙන බවද එම පුවත්සේවය පෙන්වා දුන්නේය.
තවද 2029 වසරේදී කල් පිරෙන බැඳුම්කර මෙම කාර්තුවේදී සියයට 15 කින් පමණ පහත වැටෙනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයන් පුරෝකතනය කර තිබෙන බවද බ්ලුම්බර්ග් පුවත් සේවය වාර්තා කළේය.
ඡන්ද දායකයින් අතර දැඩි ලෙස අප්‍රසාදයට පත්වූ රජයේ වියදම් කප්පාදුව සහ බදු ඉහළ දැමීම කැපවීමක් වී ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහන සම්බන්ධයෙන් නැවත සාකච්ඡා ආරම්භ කරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට පෙර පොරොන්දුවක් ලබාදී තිබෙන බවද ආර්ථික විශ්ලේෂකයන් පෙන්වාදී ඇතැයි එම පුවත්සේවය පැවැසුවේය.
එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහන සහ ණය හිමියන් සමග ඇතිකරගත් ගිවිසුම්වලට නව පරිපාලනය ගරු කාරවි දැයි යන ප්‍රශ්නය මතුකරන බව ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහසවී ඇතැයි බ්ලුම්බර්ග් පුවත් සේවය ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහනට අදාලව ක්‍රියාත්මක කළ ප්‍රතිසංස්කරණ ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් බවත් නව ජනාධිපතිවරයා සහ ඔහුගේ පක්ෂය පුළුල් ලෙස මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහනට අනුකූලව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් කොළඹ කොටස් වෙළෙඳපොළේ සභාපති ඩිල්ෂාන් විරසේකර බ්ලූම්බර්ග් රූපවාහිනිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර ඇත.
කෙසේ නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහන අවලංගු වීමේ අවදානමක් තිබෙන බවට තමන් විශ්වාස නොකරන බවත් නැවත සාකච්ඡා ආරම්භ කළත් මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහන විශාල ලෙස වෙනස් කිරීමේ හැකියාවක් නොමැති බවත් වීරසේකර මහතා එහිදී පැවැසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු බලයට පත්වුවත් ආධාර වැඩ සටහන එලෙසම ක්‍රියාත්මක කිරීමට සිදුවෙනවා. රට ඒ තරම් ආර්ථික අතින් ශක්තිමත් නැති බැවින් දැනට කරගෙනයන වැසටහන රටට අවාසි නොවන වෙනස්කම්කිරීමට පමණක් ඉඩ සලසාගත යුතුයි.
පුදන කොටම කාපි යකා කිව්වාලු. අපි බලමු අපේ ආර්ථික ඔස්තාර්ලාගේ අදහස් මේකට දාන.
ජාත්‍යන්තරේ කොහොමත් කැමැති ණය ගන්නම බලන් ඉන්න මිනිස්සුන්ට තමයි.
ඔන්න බිල්ලෝ මවන්න හදනවා...
ඕවා සාධාරණයි.. නිකන් බිල්ලෝ මවන්න ඕනෑනේ...
අභියෝග තමයි ජනාධිපතිවරුන්ට ලැබෙන්නේ. ඒවාට සාර්ථකව මුහුන දීම තමයි ජනාධිපතිවරයකුගේ "වගකීම"...
ඔව්වා චන්ද වලට කියන කතා විතරයි. අපි බැංකුවකින් ණයක් ගත්තත් ඒ නීති රීති වලට යටත්. ඒවා යොදන්නේ අපේ ආරක්ෂාවට සහ හොඳට.
ජාත්‍යන්තර වෙළෙඳ පොලේ බැඳුම්කර මිල පහළ යාම අපේ ආර්ථිකයට බලපෑමක් නෑ. අපි ගිවිසගත් පරිදි ඒවා කල් පිරෙනවිට ඒ අවස්ථාවේ බැඳුම්කර අයිති අයට ඒවායේ නාමික අගය සහ පොලී ගෙවීමට බැඳී සිටිනවා. අපේ රටට මේ වර්තමාන වෙළෙඳපල අගය පහළ යෑම බැඳුම්කර ණය කපා හැර්‍ර්මට සාකච්ඡා කිර්‍ර්මේදී වාසිදායක ලෙස යොදාගන්න පුළුවන්... දැන් වෙළෙඳපලේ මිලදී ගන්නා ආයෝජකයින් $100 නාමික අගයක් සහිත බැඳුම්කර මිලදී ගෙන තියෙන්නේ $50 කට නම් $60 -$70 අතර ගණනකට මේ ණය ගෙවීමට අපේ අභිලාෂයක් ඇති බව සලකා එකඟතාවයකට එන්න හැකියාව පවතිනවා....