
(අංජුල මහික වීරරත්න)
'හෙල්ත් ටුවරිසම්' (Health Tourism) දියුණු කර රටට ඩොලර් ගෙනෙන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාව වැනි සුන්දර පරිසරයක් තිබෙන රටක 'හෙල්ත් ටුවරිසම්' ඉතා හිතකර බවත් හෙද කේෂ්ත්‍රයේ නව වැඩසටහන් ඇති කරමින් රටට ආදායම් ගෙන එන නව වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ජාත්‍යන්තර හෙද දිනය නිමිත්තෙන් කොළඹ පදනම් ආයතනයේ පැවති උත්සවයේදී පැවසීය.
දැනටමත් එංගලන්තයේ සහ ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් වෛද්‍යවරුන් හමුවෙන්න මෙරටට එන බවද ව්‍යාපාරයක් ලෙස හෙල්ත් ටුවරිසම් දියුණු කළ හැකි බවත් රත්නායක මහතා කීය.
විදෙස් රටවලට ලාංකික හෙද නිලධාරීන්ගේ ඉල්ලුමක් තිබෙන අතර ඇතැමුන්ට භාෂා ප්‍රශ්නය ගැටලුවක් වී තිබෙන බවද රත්නායක මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකට අනිවාර්යයෙන්ම වෘත්තීයව සමිති කාරයෝ උදැල්ල දානවා... ජෙප්පන් සහ ස්ටාර්ලින් සමග එකතුවෙලා...