(අජන්ත කුමාර අගලකඩ)
මාතලේ නගරාධීපති ඩල්ජිත් අලුවිහාරේ මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා විසින් එම ධූරයෙන් පහ කරනු ලැබ ඇත.
ඊට අදාළ ගැසට් නිවේදනය පළාත් ආණ්ඩුකාරවරයා විසින් ඊයේ (2) නිකුත් කරනු ලැබ තිබේ.
මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතාට එරෙහිව චෝදනා රැසක් එල්ල වී තිබූ අතර ඒ හේතුවෙන් ඔහුගේ නගරාධිපති ධූරය මීට පෙර තාවකාලිකව අත්හිටුවා තිබිණි.
එම චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීමට ආණ්ඩුකාරවරයා විසින් කමිටුවක් පත්කරනු ලැබූ අතර එම කමිටු වාර්තාව සැළකිල්ලට ගනිමින් නගරාධිපතිවරයා ධූරයෙන් පහ කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd