
ශ්‍රී ලාංකික තාරුණ්‍යයට තම කුසලතා ඔප් නැංවීමට මඟ පෙන්වීම හා සහයෝගය ලබා දීම අරමුණකර ගනිමින්, අන්තර්ජාතික තරුණ දිනයට සමගාමීව ඩයලොග් ආසිආටා සමාගම තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සමගින් එක්ව Youth Can වැඩසටහන පසුගිය දා දියත් කළේය.
මෙම වැඩසටන තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය හා ජාතික තරුණ සේවා සභාව සමගින් එක්ව, මිනිස් බල හා රැකියා දෙපාර්තමේන්තුවේ, කුඩා ව්‍යවසාය සංවර්ධන අංශයේ සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව, සුවිශේෂී හැකියාවන් සහිත තරුණ තරුණියන්ට ඔවුන්ගේ කැමති ක්ෂේත්‍රවල ඉදිරියට යාමට අවශ්‍ය අවස්ථාව උදාකර දෙයි. ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීමට අවස්ථාව උදා වේ.
මෙම තුන් අවුරුදු වැඩසටහන වයස අවුරුදු 14 ත් 35 ත් අතර වයස් සීමාවන් තුළ සිටින තරුණ තරුණියන්ගේ හැකියාවන් සහ දක්ෂතාව ක්‍රීඩා, නව ව්‍යාපාර අදහස්, ශිල්ප කලා, මෝස්‌තර නිර්මාණකරණය, සූපවේදය සහ කෙටි චිත්‍රපට යන අංශ 6ක් ඔස්සේ තරඟකාරීව එළිදැක්වීම කෙරෙහි අවධානය යොමු කෙරේ. තෝරාගත් අයදුම්කරුවන් සඳහා වැඩමුළු, අදාළ මෙවලම් හා පුහුණුව ලබා දී, දැනුමින් සහ හැකියාවන්ගෙන් බලගැන්වීමත් සිදුවනු ඇත. ජාතික තරුණ සේවා සභාව, මිනිස්බල හා රැකියා දෙපාර්තමේන්තුව, කුඩා ව්‍යවසාය සංවර්ධන අංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් පත්කළ ඒ ඒ ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගෙන් තේරීම් කමිටුව සමන්විත වනු ඇති අතර, තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ තේරීම් සිදුවනු ඇත. මේ පිළිබඳව වැඩි විස්තර ලබා ගැනීම සහ අයදුම්පත් යොමු කිරීම www.youthcan.lk කන වෙබ් අඩවිය ඔස්සේ සිදුකළ හැකිය.
2025 දෙසැම්බර් මස 18
153
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
953
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩයලොග්, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය එක්ව Youth Can දියත් කරයි